Tag: covid

  • covid බියෙන් රාගම දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසායි

    covid බියෙන් රාගම දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසායි

    දුම්රිය ස්ථානය තුලම පවතින කොවිඩ් අවදානම හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසාදැමීමට පියවර ගෙන ඇත. රාගම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා මෙම පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු තාවකාලිකව වසා […]

  • කොරෝනා නිසා ලෝකයේ මුලින්ම වසා දැමූ වූහාන් යලිත් වසයි

    කොරෝනා නිසා ලෝකයේ මුලින්ම වසා දැමූ වූහාන් යලිත් වසයි

    කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් කොරෝනා ලෝකයට ආරම්භ වූවා යැයි සලකන චීනයේ වූහාන් නගරය යළිත් වරක් වසා දමා තිබේ. ඊයේ දින වන විට චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ වූහාන් නගරයේ නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමගය. මේ අතර මෙම තත්වයට මුහුණදීම සඳහා මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයක් ඇතුලත සිදුකිරීමට චීන බලධාරින් […]

  • කොවිඩ් නිසා සිදු වන මානසික බලපෑම් ගැන තිබෙන අවධානය ප්‍රමාණවත් නැහැ – හරිශ්චන්ද්‍ර ගාම්භීර

    කොවිඩ් නිසා සිදු වන මානසික බලපෑම් ගැන තිබෙන අවධානය ප්‍රමාණවත් නැහැ – හරිශ්චන්ද්‍ර  ගාම්භීර

    කොවිඩ් වසංගතය පැතිර යාමත් සමග සමාජය තුළ මානසික රෝගාබාධයන්ට ලක්වන පිරිස් වැඩි වී තිබෙන බවක් සඳහන් වෙනවා. ඇත්තටම වසංගතය සහ මානසික රෝගාබාධයන් අතර සම්බන්ධයක් තියෙනවද? ඔව්. කොවිඩ් විතරක් නෙමෙයි ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයක් මනෝ විද්‍යාත්මකව සමාජයට විශාල බලපෑමක් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි එවැනි තත්ත්වයක් බොහෝ විට අපේ පාලනයෙන් දුරස්ථ වීම. එහෙම පාලනයෙන් දුරස්ථ වුණහම අපිට […]

  • කොවිඩ් මරණ 118 යි

    කොවිඩ් මරණ 118 යි

    දිනක මරණ වැඩිම ගණන වාර්තා කරමින් ඊයේ (09)  දිනයේ මරණ සංඛ්‍යාව 118 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) දින තහවුරු කර තිබේ. මෙලෙස ඊයේ (09) දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් ඇත.  

  • ජාතික සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් වැලඳුනේ කොහොමදැයි සැකයක්

    ජාතික සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් වැලඳුනේ කොහොමදැයි සැකයක්

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සිංහයකුට කොවිඩ් රෝගය වැළඳී ඇති බවට PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර එසේ වී ඇත්එතේ එහි ඉදිකිරීම් වැඩ බිම්වල සේවකයන් පිරිසකගෙන් දැයි සැකයක් පවතින බවද වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. එහි ඉදිකිරීම් වැඩ බිම්වල කටයුතු ආරක්ෂක පියවරක් ලෙස මේ වන විට තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය. මෙසේ […]

  • “රෝහල් පද්ධතියට දරාගත නොහැකියි, සංචරණ සීමා නීති දැඩි කරන්න”

    “රෝහල් පද්ධතියට දරාගත නොහැකියි, සංචරණ සීමා නීති දැඩි කරන්න”

    දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ. මේ වන විට කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ […]

  • හිටපු ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව මියයයි

    හිටපු ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව මියයයි

    ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දින කිහිපයක සිට ප්‍රතිකාර ලබමින් සිට ඇත.

  • හෙට (14) සිට දින තුනක් දුම්රිය නෑ

    හෙට (14) සිට දින තුනක් දුම්රිය නෑ

    සංචරණ සීමා පැනවීමත් සමඟ දිවයින පුරා කිසිදු දුම්රියක් ‌හෙට සිට (14), 15 සහ 16 යන ඉදිරි දින තුන තුළ ධාවනය නොකිරීමට තීරණය කර දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රජය විසින් පනවා තිබෙන සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව දුම්රිය ප්‍රකාශකයකු පැවැසීය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමේ අරමුණෙන් දුර ගමන් සේවා දුම්රිය 5 ක් ඇතුළුව […]

  • කොවිඩ් වෛරසය ආසාදනය වූ 2,530ක් අද හඳුනාගනියි

    කොවිඩ් වෛරසය ආසාදනය වූ 2,530ක් අද හඳුනාගනියි

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2,530ක් අද (11) දිනයේ හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 106,641කි.

  • අද (11) දිනයේ මෙරටින් කොවිඩ් -19 ආසාදීත මරණ 23

    අද (11) දිනයේ මෙරටින් කොවිඩ් -19 ආසාදීත මරණ 23

    අද (11) මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි. එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි. මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.