
ඉන්දීය රසායනික කමිහලක ගෑස් කාන්දුවකින් 9 දෙනෙක් මිය යති
ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ගෑස් කාන්දුවක් සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති බව විශාකාපට්නම් හි සහකාර පොලිස් කොමසාරිස්වරියක වන ස්වරුපා රාණි රොයිටර් පුවත් සේවයට පවසා ඇත. තවත් 1,500 දෙනෙකු අසල්වැසි ගමකින් ඉවත් කර ඇත
ඉන්දියාව විසින් රට පුරා අගුලු දැමීම ලිහිල් කිරීමෙන් පසු පසුගිය දින කිහිපය තුළ මෙම බලාගාරය නැවත විවෘත කර ඇත. උදේ පාන්දරින්ම අවට ගම්මානවල පවුල් නිදා සිටියදී ස්ටයිරීන් කම්හලෙන් ගෑස් කාන්දු වී තිබිණි . කම්හලේ ටොන් 5,000 ක ටැංකි දෙකකින් ගෑස් කාන්දු වී ඇත
හසිදි අණතුරු සෞඛ්‍ය සේවකයෝ සහ පොලිසිය එන විට තැන් තැන්වල’මිනිසුන් සිහිසුන්ව පාරවල්වල වැතිර සිටිනු දුටුවෝය’
ට්විටර් වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූප මගින් පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් සහ ගිලන්රථ ඇතුළු හදිසි සේවා නිලධාරීන් මිිනිසුන් ඔසාවාගෙන යන අයුරු තහවුරු කර ඇති නිසා එය සත්‍යක්ම විය හැක.
-උපාලි ජයසිංහ




Average Rating