රජගෙදර කවටයා රාජ්‍ය සේවක වැටුප ඉල්ලයි !

Read Time:4 Minute, 41 Second

 
 
සියලු රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැටුප ආණ්ඩුවට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
තමන්ගේ වැටුප ද එසේ ආණ්ඩුවට ලබාදෙන බවත්, ඒ ඔස්සේ කටයුතු කරන ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට පහළම රාජ්‍ය සේවකයා දක්වා යොමුවක් සහිතව ජනාධිපති ලේකම්වරයා යොමු කර ඇති ලිපියක සඳහන් වේ.
වසංගත තත්ත්වය යටතේ රුපියල් 5,000 ක මාසික සහනාධාරයක් ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ බවත්, මෙවැනි තත්ත්වයන් යටතේ රට ඉදිරියේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.
‘අප සමාජය අතීතයේ පටන් වෙහෙර විහාර, පන්සල්, දේවාල ගොඩනැගුවේ මෙවැනි දායකවීම් තුළින් ය. රාජ්‍ය සේවය නම් වූ උත්තරීතර සේවාවා ශක්තිමත් කිරීමට ද, එහි ගෞවනීයත්වය රැකගැනීමටද මෙම දායකවීම අපේ උරුමය බව අපට පෙන්විය හැකිය. එය සැබෑ රාජ්‍ය සේවය යැයි මට හැඟී යයි.‘
(අදාළ ලිපිය – 04 පිටුව)
වර්තමාන ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර යනු රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ චෝදනාවට වැරදිකරු වී, නැවත රාජ්‍ය සේවයේ කටයුතු කිරීම අධිකරණයෙන් තහනමට ලක්වූවෙකි. ඉන්පසු අභියාචනයක් මගින් එය සකස් කරගත්තද, කිසිදු තැනකදී ඔහුට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකියාවක් ලැබුණේ නැත.
එසේම වර්තමාන ආණ්ඩුවේ එක් ඇමැතිවරයකුගේ ඉන්ධන දීමනාව පමණක් මාසිකව රුපියල් 240,000 ඉක්මවයි. අනෙකුත් දීමනා සියල්ල ඇතුළුව ඇමැතිවරයකු නඩත්තුව සඳහා මාසිකව රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් රජයේ මුදලින් වැය කරනු ලබයි. ජනාධිපතිවරයා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු තමන්ගේ මාසික වැටුප් කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. එහෙත් මේ කිසිවකු මෙතෙක් තමන්ට ලැබෙන දීමනා, වරප්‍රසාද අඩු කරන ලෙස හෝ කපාහරින ලෙස දැනුම්දීමක් කර නැත.
ඒ වෙනුවට ඔවුන් ජනතාවට රජයේ මුදලින් ලබාදෙන රුපියල් 5,000 සහනාධාරය තමන්ගේ පාක්ෂිකයන්ට පමණක් ලබාදෙමින් සිටී. රට තුළ පවතින විශේෂ තත්ත්වය යටතේ පවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ ආයතන කිහිපයකම අත්තනෝමතික ලෙස ටෙන්ඩර් ක්‍රමවේද උල්ලංඝනය කරමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදීගැනීම් වාර්තා වේ. කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීමේ ඉලක්කය වෙනුවෙන් ආණ්ඩුව තමන්ගේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටී.
අනෙක් අතට පී.බී.ජයසුන්දර යනු රාජ්‍ය සේවය අඩු කිරීම සම්බන්ධයෙන් විවිධ උපක්‍රම යෝජනා කිරීමේ කුප්‍රකට ඉතිහාසයක් හිමි, ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වදනයෙන්ම ආර්ථික ඝාතකයෙකි.
මහ මැතිවරණයකට ඉදිරිපත් වීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින අවස්ථාවේ පී.බී. ජයසුන්දර මේ වෙලාවේ ඉටු කරන්නේ පෙරහැරේ කසකාරයාගේ භූමිකාව නම් නොවන බව පැහැදිලි ය. මේ රජගෙදර කවටයාගේ භූමිකාව විය හැකිය. කොවිඩ් 19 අරමුදලට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ලැබෙන අතිවිශාල මුදල හෝ ඒවා වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් කිසිදු විනිවිදභාවයකින් තොරතුරු ලබාදීමක් සිදු නොකොට, කවටයාගේ විහිළුවට ඔබ සිනාසෙමින් සිටින විට, අනෙක් පැත්තෙන් බොහෝ දේ සිදු විය හැකිය.
ජනාධිපති ලේකම්වරයාගේ සම්පූර්ණ ලිපිය පහත පළවේ.
 
 




මෙවැනි වීඩියෝ වැඩසටහන් අන්තර්ජාලය තුළ සැරිසරද්දී ජනතාවට තමන් ගේ පරිත්‍යාග කරන වැටුප් මුදල්  ගැන ඇත්තේ කවර විශ්වාසයක්ද 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ට්‍රම්ප් කොරෝනා මර්ධන බලකාය වසා දමයි 
Next post ඉන්දීය රසායනික කමිහලක ගෑස් කාන්දුවකින් 9 දෙනෙක් මිය යති