ඩෙංගු මර්දනයට අධ්‍යාපනයෙන් උපදෙස්

Read Time:1 Minute, 31 Second

 
 
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පාසල් සහ අනෙකුත් අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර, මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් අදාළ ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යාන කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ඒ සඳහා වගකීම් පවරන ලෙසත් මේ සමඟම දන්වා තිබේ. ඊට අමතරව, පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වල සහය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන ලෙසත් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.
සියලු පවිත්‍ර කිරීමේ කාර්යයන් කොවිඩ් 19 වෛරසය මර්දනයට අදාළ ව රජය විසින් ප්‍රකාශයට පත්කරන සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස් හා නිර්දේශයන්ට යටත්ව සිදු කළයුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අදාල පාර්ශ්වයන්ට අවධාරණය කර තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post සුව වූ අයෙකුට යලිත් කොවිඩ්
Next post ඇමෙරිකාව සිය කොරෝනා රෝගීන්ට ‘ඉබෝලා+‘‘ එන්නත නිර්දේශ කරයි