මුහුදේදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය තොගය

Read Time:3 Minute, 39 Second

ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලං නා නෞ සයුර මගින් පසුගිය 28 (සෙනසුරාදා) දින උදෑසන ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අද (01)අත් අඩංගුවට ගත්තේය. එය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ. මෙහි දී යාත්‍රාවේ සිටි පකිස්ථානු ජාතික සැකකරුවන් 09 ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
විදේශීය යාත්‍රාවක් වන මෙහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605 ක් ද, මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබූ කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද, බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති වර්ගයක් ද අත්අඩංගුවට ගත්තේය.
මෙම වර්ෂයේ ගතවූ මාස 03 තුළ ජාත්‍යන්තර මුහුදේදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.
ඊයේ (අප්‍රෙල් 01) දින දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන එන අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද සහභාගී විය.
මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post මහත්වරුණි මේ කැපකිරීම් ඔරලෝසු පැය වලට වඩා දිගුය
Next post මෙරට කොරෝනා ආසාදිත තුන්වන මරණය වාර්තා වේ