ලෝකෙන් උතුම් රටට මොකද වුනේ ?

Read Time:6 Minute, 35 Second

විදුරගෙ වැකිය

ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට කියල නෙ……කියන්නෙ. ඔය සිංදුවකුත් හෙම තියෙන්නෙ..’ලෝකෙන් උතුම් රට ලංකාවයි’ කියල. ඒ වුනාට ඒක අපේ ආතල් එකට කියන්න පුරුදු කරපු එකක් වගෙයි නේද? ඇමති තුමෝ තේරෙන්නෙ?. නැත්නම් අපේ රටේ මැති ඇමතිවරු අපේ රට උතුම් රටක් කියල හිතා ගෙන තීන්දු තීරණ ගන්න එපැයි. එහෙම දෙයක් අතීතෙ ඉඳලම කරල නැහැ නේ. කමක් නැහැ එහෙම වෙලා නැහැයි කියල හිතා ගම්මුකො. ඒ කොහොම වුනත් ලෝක බැංකුවෙ අළුත්ම වාර්තාවකින් කියන්නෙ දැන් අපේ රට ශ්‍රේණි ගත කරල තියෙන්නෙ පහළ ආදායම් ලබන රටක් හැටියටලු. 2019 දි අපේ රට මැදි ආදායම් ලබන රටක්. දැන් තවත් පහතට වැටිල. එන්න එන්නම අපේ රට ලෝක සිතියමෙන් වාෂ්ප වෙලා යනව වගෙයි.

අනේ මන්ද? දැන් අපේ රට බංකොලොත් වෙලා තියෙනව මදිවට අඩු ආදායම් ලබන රටක් විධියට වර්ග කරලලු. එහෙම කළාම ලෝකෙ අනිත් රටවල් වලින් අපට ණය ගන්න ඇහැක් වෙනවලු නේ. ණය….ණය….ණය….ණය…. අරගෙන අපි තව තවත් ණය කාරයො කරන්න ම තමයි අපේ ඇමතිවරුත් අනෙක් රටවලුත් බලා ඉන්නෙ. එහෙම වුනාම හරි ලේසියි නේ….. අපේ රටේ සම්පත් ටික කොල්ල කන්න. අපේ රටේ මැති ඇමතිවරුන්ටත් ඕනෙ රට අන්තයටම ණය කරල දේශීෘය සම්පත් කුණු කොල්ලෙට විකුණල රට විනාශ කරල දාන්නම තමයි. නැද්ද මං අහන්නෙ? ඒ්ක නිසා නෙ ඇමති බන්දුල ගුණවර්ධන කට අඹරව අඹරව ඒ අලුත් වර්ග කිරීමෙ වරුණෙ කියන්නෙ.

මීට සියවස් ගණනකට ඉහත නම් ලංකාව ලෝකෙන් උතුම් රටක් තමයි. අපේ මැති ඇමතිවරු නොදැන ගත්තට අපි නම් දන්නව. අපි පුංචි සංදියෙ අපේ ගුරුවරු අපට එහෙම උගන්නලත් තියෙනව. ඒ කාලෙ ලංකාව හඳුන්වන්න කොපමන නම් තිබුණද? ‘පෙරදිග ධාන්‍යාගාරය’ කියල කිව්ව. ‘පෙරදිග මුතු ඇටය’ කියල කිව්ව. තවත් බොහෝ නම් තිබුණ. ‘තම්බපන්නි’….’තැප්‍රබෝන්’….’සෙරන්ඩිබ්’….’දිනවාර්’ වගේ. ආණඩුවෙ මැති ඇමතිවරු නම් ඕව දන්නවයි කියල හිතන්නවත් අමාරුයි.

අතීතයෙ ලංකාව පොහොසත් රටක්ව පැවති බව ඇත්ත. ඉතිහාසය පිරික්සන කොට ඒබව මොනවට පසක් වෙනව. එදා ලංකාවෙන් සහල් පිටරට යවල තියෙනව. ඇත් දත්, මුතු මැණික් වගේ දේත් පිටරට යවල තියෙනව. එන්සාල්, කරාබු නැටි, ගම්මිරිස් වගේ දේත් අපනයනය කරල තියෙනව. අදත් අපි වර්ණනා කරන්නෙ අතීත සෞභාග්‍ය මිසක්, වර්තමානෙ ගැන හෙම නොවෙයි නේ….. වැඩි යමක් උවමනා නෑ පරාක්‍රම සමුද්‍රය, කලා වැව, යෝධ වැව, සීගිරිය ගැන හිතුවත් ඇති අතීතතයේ ලංකාවේ පැවති ශ්‍රී විභූතිය ගැන හිතා ගන්න. ඒක මහා වාරි සංස්කෘතියක් එක්ක එකට ගැට ගැහුන පුදුම සහගත සංවර්ධනයක්.

ලෝකෙන් උතුම් රට, දැන් ලෝක තක්සේරුව අනුව දරන්නෙ මොන වගේ ස්ථානයක් ද? කියල පොඩ්ඩක් මතක් කර ගමු. ඒක හොඳයි නේ පාර්ලිමේන්තුවෙ ගිරිය කඩාගෙන පුප්පන ප්‍රසන්න රණතුංග වගේ අයගෙ දැන ගැනීමට. ලෝකයේ දුප්පත් ම රාජ්‍යයන් අතුරෙන් ශ්‍රී ලංකාව ඉන්නෙ මුල්ම රටවල් දහය තුළ. ණය ආපසු ගෙවීම අතින් දැන් අපි බුංවත් රාජ්‍යයක් හැටියට තමයි වර්ග කරල තියෙන්නෙ. ජනගහනයෙන් ලක්ෂ පණහකට ආසන්න ප්‍රමාණයක් සාගින්නේ පෙළෙන උදවිය. ලමා මන්දපෝෂණයෙන් ඉහළම අගයක් දක්වන්නෙ ශ්‍රී ලංකාව. ණය ආපසු ගෙවීම ඒකපාර්ශවීය ලෙස නවතා දමා ඇති රටක්. උද්දමනය සියයට 92 ක් දක්වා ඉහළ නැගල. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා උපකරණ ආනයනයට විදේශීය විනිමය නැති රටක්. ළමා අපචාර, වංචා, දූෂණ හා මත් කුඩු ජාවාරම අති ඉහළින්ම සිදුවන රටක්. මානව හිමිකම් දැඩි සේ උල්ලංඝණය කරන රටක්…..ඒ විතරක් නෙවි අත්‍යාවශ්‍ය ඛෙහෙත් වර්ග 188 ක් විතර මේ වෙන කොට හිඟ රටක්.

දැන් ශ්‍රී ලංකාව, ලෝකයේ ප්‍රමුඛස්ථානයට හෙවත් උතුම් පදවියට පත්ව තියෙන්නෙ අන්න ඒ කරුණු වලින් නෙ. ඒව එහෙම වුනාට බලන්න එපැයි සමහරුන්ගෙ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙද්දි පාර්ලිමේන්තුව ඇතුළෙ ගිරියෙන් තප්පුලන හැටි….ලැජ්ජයි…හිරිකිතයි…ප්‍රසන්න රණතුංග කියන කතා ඇහෙන කොට. ඒ වගේ දූෂිත ගොබිලන්ගෙන් සමන්විත විකෘති ආණ්ඩුව ගරා වැටෙන්නට ඔන්න මෙන්න තියෙද්දීත් කට මැත දොඩවන හැටි….තුඃ…නොදකින්…අහිංසක ශිෂ්‍යයින් ත්‍රස්තවාදියො විධියට රඳවා තබා ගෙන කරන විගඩම මොකක්ද? ඒ දරුවන්ට වද හිංසා දෙන්න මුන්ට පපු කැනැත්තක් නැද්ද?..හැබෑට.

ඒ විතරක්ද?උද්ඝෝෂණය කරන ධීවර කාර්මිකයින්ට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරනව. වත්තීය සමිති නායකයින් සේවයෙන් පහ කරනව. දුම්මල ගත්ත යකැදුරා වගේ තෙල් ඇමතිය හැසිරෙන්නෙ අයිද කියල අපට නම් නොතේරෙනව නෙවෙයි. තෙල් සංස්ථාව විකුණලදාන්න නැත්නම් කම්මුතු ට කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලලු තියෙන්නෙ. කකුලුව වතුර හැලියෙ වතුර රත් වෙනකම් විතරයි නෙ නට නටා ඉන්නෙ. ඒ වගේ තව ටික දොහක් කවුරුත් ඔහොම නටයි….නේද?

වස්ස හැරෙන කොට අපි දන්නව පොල් පැළේ කන්න බව….බලමු ඇහැක් වෙයිද? කියල. ඕව ඉතින් බොරු බයිල….කංචන…..පුතා.

විදුර

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “ලෝකෙන් උතුම් රටට මොකද වුනේ ?

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post සිප්පි කට්ටෙන් මුහුද හිස්කිරීමට වෙර දරන Pub Add ලේකම්…