‘ගිරිජා’ කියවීමට වටිනා ප්‍රවේශයක්….

Read Time:2 Minute, 27 Second

‘ගිරිජා’ නවකතාව මා දකින්නේ Alter ego නැමැති සංකල්පය, තම සහෝදරිය වන රම්මා ලෙසින් වියමන් කල නවකතාවක් ලෙසින් ය. ගිරිජා තම සිතෙහි සඟවා ගත් සිතිවිලි රම්මා තුලින් ප්‍රක්ශේපණය කරයි ද?

Alter Ego යනු කුමක්ද?
Alter Ego යනු ද්විතියික ආත්ම භාවයකි. Alter Ego පිටුපස ඇති ආකර්ෂණය එහි රහස්‍යභාවයේ පවතී – එය සෑම විටම පාහේ පුද්ගලයෙකුගේ හෝ චරිතයේ මිතුරන්, පවුලේ අය සහ ඔවුන් වටා සිටින වෙනත් අයගෙන් සැඟවී ඇති දෙවන අනන්‍යතාවයක් හෝ ජීවිතයකි.

Alter Ego පදය නිර්මාණය කරන ලද්දේ Cicero කතුවරයා විසින් බව විශ්වාස කෙරේ. ඔහු එය විස්තර කළේ “දෙවන ආත්මය , විශ්වාසවන්ත මිතුරෙකු” ලෙසිනි. විකල්ප ඊගෝ (Alter Ego) යනු සාහිත්‍ය උපකරණයකි (literary device). ප්‍රබන්ධයේ දී, චරිතයක Alter Ego ආකාර කිහිපයක් ගත හැකිය – සැඟවුණු අනන්‍යතාවයක්, ද්විතියික පෞරුෂයක් හෝ සාමාන්‍ය ජීවිතයකට අමතරව රහසිගත ජීවිතයක් ගත කිරීමයි.

විශ්ව සාහිතය්‍ය තුළ Alter ego යොදාගත් කෘතීන් බොහෝ වන අතර Virginia Woolfe එලෙසින් යොදාගත් එක් කතුවරියකි.
එවක පැවති සමාජ සහ දේශපාලන ක්‍රියාවලියට එරෙහිව තම සිතැඟි අනුව ජීවත්වීමට ‘ගිරිජා’ ගන්නා වෑයම රම්මා තුළින් පිළිඹිබු වන අතර අවසානයේ රම්මා වෙනුවෙන් ගිරිජා විසින් ගන්නා ලද තීරණය මෙහි අග්‍රඵලය වේ. ගිරිජාට ඉටුකරගත නොහැකිවූ තම සිතෙහි වූ සිහිනයන් එලෙසින් පෙන්නුම් කෙරේ.

කෘතිය පුරාම තම සිතුවිලි දාමය පාඨකයා වෙත විහිදා දක්වන්නේ රම්මා විසින් වීම ම, රම්මා යනු අන් කවරෙකුත් නොව ගිරිජා ගේ අහ්‍යන්තරයේ සැඟුම්ගත් සිතුවිලි වල ප්‍රක්ෂේපණයක් බව පෙන්නුම් කෙරේ. ගිරිජා – රම්මා යනු දෙදෙනෙක් නොව එක් අයකුම බව මෙම එක ගෙයි කෑමේ සංකල්පය මත මැවුණු වියමන තුළ යටි අරුතින් දිවයන බව මාගේ අදහසයි.

Nisansala Dharmasena Bertholameuze (fb)

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

3 thoughts on “‘ගිරිජා’ කියවීමට වටිනා ප්‍රවේශයක්….

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post බ්‍රසීල ජනාධිපතිවරණයේ දී ලූලා ඩි සිල්වා ඉදිරියට
Next post “කළු උස මනුස්සයෙක්” අපගේ සමීපතමයා අපට සම්මුඛ කරන්නේද !!