“අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න”

Read Time:3 Minute, 24 Second

අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න කියල. ඔය හිච්චි රාජපක්‍ෂලා යන සුමගට වැඩිය අපේ නොමග හොඳ බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ අද කඩුවෙලදී පැවසීය.

ජාතික ජන බලවේගයේ කඩුවෙල ආසන සමුළුව අද(02) පස්වරුවේ පැවති අතර එහිදී ජනහමුව ඇමතූ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අදහස් දක්වමින් මෙම අදහස් දක්වන ලදී.

“රාජපක්‍ෂ පවුලේ හිච්චි රාජපක්‍ෂ කියනවා මේ ලඟදි අරගලකරුවෝ පුනුරුත්තාපනය කරන්න ඕනේ කියල. ජනතාවගෙන් හොරාකාපු සල්ලි වලින් තමන්ගේ අම්මා, තාත්තගේ සොහොන හදන එකට විරුද්ධ වෙන එක නොමග යාමක් කියල ඔයාල විශ්වාස කරනවා නම්, ජනතාවගේ සල්ලි වලින් තමන්ගේ පොඩිකාලේ ආශාවන් ඉෂ්ඨකරගන්න රොකට් යවන එක වැරදියි කියල විශ්වාස කරන එක නොමග යාමක් හැටියට ඔයාල විශ්වාස කරනවා නම්, තමන්ට විරුද්ධ මිනිස්සු අතුරුදන් කරන එක හෝ මරණ එක වැරදියි කියල අපි විශ්වාස කරන එක නොමගයාමක් ලෙස ඔබලා විශ්වාස කරනවා නම්, අපට නීති විද්‍යාලයට යන්න හොරට විභාගය ලියන්න හිතෙන්නේ නැති එක නොමගයාමක් ලෙස ඔබලා විශ්වාස කරනවා නම් නාමල් රාජපක්ෂ මහත්තයෝ අපි නොමග ගිය මිනිස්සු. අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න කියල. ඔය හිච්චි රාජපක්‍ෂලා යන සුමගට වැඩිය අපේ නොමග හොඳයි.

මතක තියාගන්න ඒ නොමගගිය කොල්ලෝ කියන පිරිස ඇවිල්ල තමයි, කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව, තුනෙන් දෙකක් බලය ගත්ත, 69 ලක්ෂයක් ඡන්දේ ගත්ත නන්දසේන ගෝඨාභය ව සරණාගතයෙක් වාගේ ගේ රටින් පිටමං කළේ.

අද මේ වේදිකාවේ ඉන්න රොඩ්නි වර්ණකුල මා වගේ කලාකරුවන්ට ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩවුනා කියල අපිට ලැබෙන වෙනම වරප්‍රසාදයක් නෑ. හැබැයි අපිට මිනිස්සුන්ගේ ආදරය තියනවා. පිරිසිදු හර්දශාක්ෂියක් ඉතුරුවෙලා තියනවා. ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩවෙන යට ලැබෙන එකම දේ තමයි පිරිසිදු හර්දශාක්ෂිය.

ඇදිරිනීති දැම්ම අපි බයවුනාද, හදිසිනීතිය දැම්ම අපි බයවුනාද, ඊයේ පෙරේදා අධිආරක්ෂක කලාප දැම්මා අපි ඒ කලාපවලට ඇතුළුවෙන්න උත්සාහ කළා, අසුගානක් අත්අඩංගුවට ගත්ත. පිරිසකට තුවාල වුනා. අපි බයවුනාද. හැබැයි අධිආරක්ෂක කලාප ආණ්ඩුවම අයින්කර ගත්ත.
අපි අනුන්ගේ අරගල හයිජැක් කරන්න යන්නේ නෑ අපිට තියනවා අපේම අරගලයක්. අපිට තියනවා වැඩ පිළිවලක්. අපි ජනතාවත් එක්ක ඩීල් එකක් ගහල තියනවා. අපි ඉලක්කයට වැඩ කරනවා.

වෙනස් කරන්න බැරි වහල්ලු ඉන්නවා නම් අපි ඔවුන්ගේ විලංගු ඔවුන්ට හොරෙන් ගලවමු.”

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on ““අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න”

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

  2. 👉 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post ගාලුමුවදොරිනුත් පරිස්සම් වන්න!
Next post අද තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 ක්, දහයම පොහොට්ටුවෙන්!