න්‍යෂ්ටික ප්‍රහාරයක අවදානමක්

Read Time:2 Minute, 41 Second

රුසියානු හමුදා විසින් අල්ලා ගන්නා ලද නැගෙනහිර යුක්‍රේනයේ පිහිටි ප්‍රධාන බලකොටුවක් වූ ලයිමන් නගරය නැවත අත්පත් කරගත් බව යුක්‍රේන හමුදාව පවසනවා. ලයිමොන් යනු ඩොනෙට්ස්ක් ප්‍රාන්තයේ පිහිටි දෙපාර්ශවයටම එකසේ වැදගත් ප්‍රධානතම නගරයක්.

රුසියාවට ඉතාම වැදගත් සැපයුම් මාර්ගයක පිහිටි ලයිමන් නගරය අහිමිවීම යුද්ධයේ බරපතල සන්ධිස්ථානයක් වනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.

මේ අහිමි වීම නිසා ජනාධිපති පූටින්ගේ කණ්ඩායම කුපිත වී ඇති බවත් යම් ආකාරයක න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වීමේ බරපතල අවදානමක් ඇති බවත් බටහිර විශ්ලේෂකයන් මත පලකරනවා. දැඩි පූටින්වාදියකු වු චෙච්නියානු නායක රාමදාන් කදිරෝව් ඉල්ලා ඇත්තේ සුළු පරිමාණයෙන් හෝ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන ලෙසයි.
මේ අතර ලයිමොන් පරාජයෙන් කුපිත වූ රුසියාවේ ජාතිකවාදී බ්ලොග්කරුවන් විසින් මොස්කව් හමුදා නායකත්වය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

රුසියාවේ උවමනාව මත සිදුකරන ලද ජනමත විචාරණයකින් පසු නැගෙනහිර යුක්‍රේනයේ පිහිටි ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සොන් හා සපොරිස්සියා යන ප්‍රාන්ත හතර රුසියාවට අයත් භූමි ප්‍රදේශ ලෙස පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණා.

යුක්‍රේන හමුදා විසින් ලයිමන් නගරය නැවත අත්පත් කරගත්තේ නව රුසියාව ප්‍රකාශ කිරීම සඳහා ක්‍රෙම්ලිනයේදී පූටින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයෙන් දිනකට පසුවයි. ලයිමොන්හි නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට යුක්‍රේන ධජය ඔසවන සිය සෙබළුන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයන්ට මුදාහැරිමට යුක්‍රේන ජනාධිපතිවරයාගේ පාර්ශවය විසින් කටයුතු කර තිබුණා.

රුසියානු පාර්ශවයෙන් පවසන්නේ උපායමාර්ගික වැටලීමක් සඳහා තම හමුදා ලයිමන් නගරයෙන් ඉවත් කරගත් බවයි. නමුත් යුක්‍රේනය පවසන්නේ පසුගිය මාසයේ කාර්කිව් නගරයේදී සතුරාට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයෙන් පසුව තම හමුදා ලබාගත් විශාලම ජයග්‍රහණය මෙය බවයි.

ශානක ලියනගම (fb)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
100%
3 Star
0%
2 Star
0%
1 Star
0%

2 thoughts on “න්‍යෂ්ටික ප්‍රහාරයක අවදානමක්

Leave a Reply

Your email address will not be published.

Previous post මෙය ප්‍රොමිතියස් දූපතකි. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයේ නාමය ද හැඟවුම්කාරකයකි
Next post නාවිකයෙක්මි මම, තොටමුණ පසු නොකළ හැකි!