ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අවසන ගැටුමකින් 127 ක් මියයයි

Read Time:1 Minute, 27 Second

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අවසානයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුමින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැති අතර මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන බව සඳහන් වෙයි.

ඉන්දුනීසියාවේ Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

මරණ රැසක් සිදුව ඇති බවට අනුමාන කරන්නේ, අධික තදබදය, පෑගීම සහ තෙරපීම හේතුවෙන් හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් තුවාල ලැබූවන් සියයකට වඩා වැඩි වන අතර ඔවුන් ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බවත්

තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post දෙදහස කාලවකවානුව තුළ ආපූ – තොගයක් ඉන්නවා වින්දනයක් දීපූ
Next post රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි