දෙදහස කාලවකවානුව තුළ ආපූ – තොගයක් ඉන්නවා වින්දනයක් දීපූ

Read Time:6 Minute, 24 Second

දෙදහස කාලවකවානුව තුළ ආපූ
ගී තරු කවුද විමසමු වැඩ කිඩ දාපූ
එක එක මට්ටමින් හැකියාවන් පාපූ
තොගයක් ඉන්නවා වින්දනයක් දීපූ

ආවේ අනූවේ සමහරු අග භාගේ
හිට් වුණෙ ගොඩක් අය ⁣නම් දෙදහෙදි වාගේ
පෙන්නා තමන් සතු තාලය සහ රාගේ
මුන් වැඩි කළා අපෙ ගී අසනා රෝගේ

තිබුණේ ගීතවල ප්‍රේමය පිරුණු වැකී
ඕනෑතරම් ඒවා නම් ඇසිය හැකී
ආසම “එපා වෙන්නට පෙර” තමයි සකී
හේවාවිතාරණ ගායකයෙක්ය ලකී

ගැයුවේ තව කෙනෙක් ගී හැඩ දමාය
ඒවා ඇසුවෙ අපි දෙසවන් යොමාය
ඒ ගීවල සුවඳ අදටත් හමාය
ප්‍රේමය සමන් ජිනදාසගෙ උමාය

මිනිහත් හඬින් ඉන්නේ මුල් පෙළේය
නැත්තේ කිසිම දේකට කලබලේය
දන්නෝ දනිති හැම තිස්සෙම ඩිලේය
එක්පෙති මලට පෙම් කළ ඔහු බුලේය

අප්පුඩි වැදුණෙ නිම වනතුරු ගී මුරය
මේ ගී නම් තවත් විටෙකදි රහමෙරය
දුන්නෑ වේදිකා උඩ බොරු කෑමොරය
පෙම් කළ සිතික් විතරක් ඔහු චාමරය

යන බව ඉඟි කරන් ඔහු ගමනක් දුරම
ඇහුණා හඬක් මේ කාලය තුළ බරම
කියමින් මට දුන්න දුක් ගින්නෙහි තරම
දමිතුත් චරිතයකි ලද ගායන වරම

ලිව්වොත් පොත් පිරෙයි අපි හැමිණුනු හරිය
සිහිවෙනකොටත් මේ මට ලාවට වෙරිය
අමතක කරන්නට ⁣මූ කොහොමත් බැරිය
මේ සින්ඩරෙල්ලට ගී ගැයු කිත්සිරිය

එක එක බෑන්ඩ් සමගින් සිට ඒ ඔස්සේ
සංගීතුත් අපේ දැන් හදවත අස්සේ
ගායකයෙක් ලෙසින් ලෙසටම එළිබැස්සේ
මල් පෙරහැරේ ඇවිදින් දෙදහට පස්සේ

හිට් එක අනූවේ අග දෙදහසේ මුල
එලුවා එලිල්ලක් ලෙසටම කැසට් දැල
බැන්නත් පෙළක් උන් මිනිහට ගසා ගල
අජියා ගොඩදැම්මෙ සුදු අරලියා මල

ගීයෙන් ගීය ගයමින් ඇවිදින් පෙරට
ඔහු අද ජනප්‍රිය ගායකයෙකි මෙරට
අත්කරදී තැනක් ගම පුලතිසි පුරට
ජානක ගොස් තිබේ අද ගමනක් දුරට

පෙන්වා තුරුණු ශක්තිය එහි කිරුළ නෙලා
යනවා හෙමින් ගමනක් ඉදිරියම බලා
ඉන්නා රසිකයින්ගේ සිත් ළගට වෙලා
නිසංසල සඳයි ශෂිකා නිසංසලා

මේ කාලෙම වගේ නගමින් ලාබ සිනා
දකුණෙන් සුභානිත් ගයන ලොවට එනා
හම්බන්තොට වෙරළෙ වැලි කැට තරම් දෙනා
මේ ගී අසා අදටත් ඉන් සතුටු වෙනා

ආව අනුරපුරයෙන් හාදයෙක් එක
ඉන්පසු ජනප්‍රිය විය ඔහු ටිකෙන් ටික
ගැයුවා නිහඩ බව බිඳිමින් ගැයුම් නෙක
ඉගිලී ගියපු වී පැදුරෙන් එරන්දක

තිස්සගෙ මල්වියන ගැයුමට ගත් තෝරා
ගායකයෙක් ලෙසින් ඉන් වැඩුනයි මෝරා
ඉන්පසු ගීත ඇල්ලක් වැටුණනෙ රූරා
දෙදහේ හෙනම හිට් එක රජරට වේරා

දෙදහස තුළදි සන්තුෂ් හා භාතියට
යන්ග් ඕඩියන්ස් ක්ලැප් කෙරුවත් ප්‍රීතියට
සමහරු කැමති නෑ මේ ගී ජාතියට
තව අය ගියා මුං එක්කං නීතියට

හිටියත් බෑන්ඩ්වල ඔහු දෙදහටත් පෙර
අප් වුණෙ මරදවැල්ලේ සිංදුවෙන් පොර
ගියෙ නෑ ෆ්ලෑෂ්බැක් වෙන උන් වගේ හැර
දෙමු අපි කිංස්ලිට අත්පොලසමක් සැර

නැග්ගම ශානිකා ෂෝ එකකට බේබී
දෙනවා සැපක් ලෙසටම ඇය නිර්ලෝබී
පහළම ඉන්න කොල්ලන් පදමට කා බී
එසැනින් පිටිය දෙවනත් නැටුමක් මේ බී

දෙදහසටත් ටිකක් පෙර ඇවිදින් අමලා
ගත්තේ පියා වාගෙම රසිකයො නමලා
අපෙ පපු මැදට තිතටම මු ඇස යොමලා
මල් පිට මල්වලින් ගැහු අන්දම දමලා

සමකාලීනයන් හා එක පෙළ සෑදී
ආවා මංජුලත් කුසුමක් මෙන් පීදී
මතකද නිල් නයන නිල් ඉඳුවර ආදී
ගැයුවා ඉතාමත් කදිමට මේ යෝදී

සංගීතයෙන් නොමැකෙන ලකුණක් තිව්ව
ජයසිරි අමරසේකර ගී තනු මැව්ව
ගීයක් දෙකක් ගයමින් හදවත් තැව්ව
සේපාලිකා මල වගෙ ගීතද කිව්ව

කිව්වේ කුමා යන හැටි දහඅට වංගූ
චාමර රණවකල නොම ඇති තතු හැංගූ
ෂෝවල නිමල් රංජිත් ජයකොඩි නැංගූ
දුර කඳු යාය රන්තිලකලගේ පංගූ

කිව්වේ සුමිත් එන ඡන්දෙට ඉල්ලනවා
මාදව ඉදිකැටිය ගී තරු දල්ලනවා
මංජුල විජේගේ ගී හඬ අල්ලනවා
නැග්ගම කේ සුජීවත් ෂෝ හොල්ලනවා

ගයමින් මේ පහන් රැය අප හද බැන්ද
ගායකයෙක් තමයි දොස්තර ආනන්ද
මිනිහගෙ කඳුළු බිංදුත් අපි රසවින්ද
කටහඬ මතක්වෙනවා මට මේ දැන්ද

හිටියත් වෙන රටක ගොස් මේ රට දාලා
පිනවන්නන්ය රසිකයො හැපනින් දීලා
වෙනමම ආරක්ය ඇති ගායන ලීලා
කොහොමද සිංදු සෙට් එක ගැයු ජය ශ්‍රීලා

ආ පසු ෆොටෝග්‍රැපි පැත්තෙන් මුල් පෙළට
ඔහු සිත ගියා ඉන්පසු මියුසික්වලට
ගයමින් සිත සොරාගත් ඩැෆඩිල් මලට
ආවා දයානුත් අපෙ හදවත් තුළට

එච්.එම්. මාලනී දෙන්නා සිට ස්වර්ගේ
යන දෙස බලන් ඇති පුතු මියුසික් දුර්ගේ
නෑ තව එකෙක් නම් ලෝකෙට මේ වර්ගේ
කෙරුවෙම කසුන් හා සරිගම සංසර්ගේ

දෙදහෙන් පසුව ආ මුන් තකටම තකය
අම්මටසිරි කියා කියවෙන බඩු දෙකය
උවමක් කිව්වොතින් මේ ගැන නැත සැකය
කසුනුයි ඉන්ද්‍රචාපයි අමුඩෙයි පුකය

නලමුදු සුවඳෙ හිමිකරගත් මුල් තැනම
බැලුවම ඉමානුත් හැඩ හඬකිය වෙනම
ආවේ සුවද මල් රේණුද පිසගෙනම
ලස්සන නිළිය කෝ හිටි ගුණ වන වනම

මේ අපි දෙදහසේ ඇසු නෙක වොයිස්ය
ඇත්තේ හැමෝටම අඩු වැඩි චොයිස්ය
ලිව්වොත් තවත් ලිස්ට් එක හෙන සයිස්ය
තව අඩු නම් යටින් ලිව්වොත් නයිස්ය

ප්‍රියන්ත කොඩිප්පිලි

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “දෙදහස කාලවකවානුව තුළ ආපූ – තොගයක් ඉන්නවා වින්දනයක් දීපූ

Leave a Reply

Your email address will not be published.

Previous post කාබුල් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 35 ක් මියයයි – වැඩි දෙනා සිසුවියන්
Next post ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අවසන ගැටුමකින් 127 ක් මියයයි