චීන පොහොර නැව: “අත්තිකාරම් ගෙවා ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව”

Read Time:3 Minute, 3 Second

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බවත් අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙස සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

විගණකාධිපතිවරයා අගෝස්තු 6 වනදා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදුකර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රසායනික පොහොර ආනයනය 2021 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන්, සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදුන්නේය.

මෙරට තුළදී එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවා ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා ඇති බවත් ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බව මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේ නමුත් එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි.

මෙම චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වාදෙන අතර අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බව එහි සඳහන් වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය රිවස් කරයි
Next post කාබුල් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 35 ක් මියයයි – වැඩි දෙනා සිසුවියන්