පූර්ණකාලීන ආබාධිත දැරියට මිලියන 30ක වන්දි ගෙවීමට එරෙහිව අභියාචනයක්

Read Time:1 Minute, 3 Second

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේදී පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත්වූ දැරියකට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

දැරියගේ මව විසින් ගොනුකර තිබූ නඩුවක තීන්දුව වසර 8කට පසු කොළඹ දිසා අධිකරණය පසුගිය 29 වනදා ප්‍රකාශයට පත් කරමින් රුපියල් මිලියන 30ක වන්දියක් දැරියට ගෙවන ලෙස නියෝග කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post පෙට්‍රල් පමණක් මිල රු: 40 සහ රු: 30 කින් පහතට
Next post අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය රිවස් කරයි