පෙට්‍රල් පමණක් මිල රු: 40 සහ රු: 30 කින් පහතට

Read Time:1 Minute, 30 Second

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30 කින් අඩු කරන අතර ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල වෙනසක් නොවන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 ක් වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන් වලින්ම ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් මිල පහත හෙලීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙලෙස ඉන්ධන මිල සංශෝධනය කරන බව පවසයි.

පසුගිය සමයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් මේ වනවිට සැලකිය යතු ලෙස පහළ මට්ටමක පවතින අතර, මීට සති කිහිපයකට පෙර ඩොලර් 100 ඉක්මවා ගිය ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 82.39ක මුදලකටය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දියා ප්‍රවීණයන් අවසන් සටනට
Next post පූර්ණකාලීන ආබාධිත දැරියට මිලියන 30ක වන්දි ගෙවීමට එරෙහිව අභියාචනයක්