ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනාධිකරණයෙන් නොතිසි

Read Time:1 Minute, 21 Second

කොළඹ අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ඔක්තෝම්බර් මස 04 වෙනි දා අධිකරණය ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස අද (30) නොතීසි නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව කර තිබු පැමිණිල්ලක් සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කර තිබේ.

ඊට හේතු වුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය දික් කරමින්, නිකුත් කර තිබූ ගැසට් නිවේදනය කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව අවලංගු කිරීමෙන් තමන්ට බරපතල අගතිය සිදුව ඇති බවයි.

එම සංගමය පවසන්නේ, නිරන්තරයෙන් සිදුවන දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාව තහනම් කිරීමේ අවධානමක්ද පවතින බවයි.

මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසුරුවා හැර ඇති අතර එම තත්වය තුළ එහි පරිපාලන කටයුතු මුලුමනින් ම අඩාලවී ඇති බවද වාර්තා වේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post මයිකල් ආන්ජලෝ මොසස් පිළිරුවේ අඟවල් දෙකක් යොදන්නේ පරිවර්තන දෝශයක් නිසා ද?
Next post ශ්‍රී ලංකා ප්‍රවීණයන් සහ ඉන්දියා ප්‍රවීණයන් අවසන් සටනට