ඇයි මේකට “ජා ජා ඩිං” කියලා නම වැටිච්ච හේතුව, කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං’

Read Time:1 Minute, 56 Second

කුතුහලයක් හිත ඇතුලේ තියාගෙන මේ පොත කියවන්න පටන් ගත්තෙම ඇයි මේකට “ජා ජා ඩිං” කියලා නම වැටිච්ච හේතුව හොයා ගන්න.

ඊළඟ එක තමයි පිටු 132 ක් වගේ තිබ්බ පුංචි පොතක් 2021 ගොඩගේ අත් පිටපත් තරඟයේ ජයග්‍රාහී යොවුන් නවකතාව වුනේ කොහොමද කියලා හොයන එක.

සරල, කථන භාෂාවෙන් ලියවුණු ප්‍රහසනය මූලික කරගත් කතාවක් කියලා මුලින් හිතුනත් කතාව මැදට යද්දි ඒක වෙනස් වුනා. මනුජ මූලික කරගෙන සඳරු තුළින් කොයිතරම් නම් මානුෂවාදී කරුණු මේ පුංචි කතාව ඇතුලේ කියලා තියෙනවද? අවසානයේ කොන්වෙලා ඉන්න දරුවෙකු තුළත් කොයිතරම් නම් පිරිපුන් දරුවෙක් ජීවත් වෙනවද?, එක් ආදරණීය කතාවකින්, සිනහවකින් ඒ දරුවා තුළ ඉන්න දැවැන්තයා එළියට ගන්න පුළුවන්ද කියලා හිතුනා.

තනිවෙච්ච මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නේ තමන් හිතින් මවා ගත්ත ලෝකෙක. මොකද තමන්ට උසුළු විසුළු කරන සැබෑ ලෝකෙට වඩා ඒ නිර්මිත ලොව ඔවුන්ට පහසුයි. සුවයි. සැපයි.

කතාව කියවලා ඉවර වෙද්දි මුලින් තිබ්බ ප්‍රහසනය සම්පූර්ණයෙන් නැති වෙලා නමුත් ඒ තුළින්ම මානව දයාව පිරුණු හිතක් ගේන්න කතුවරයා සමත් වෙනවා.

ඒත් 10 වසරේ කොල්ලෙක් වෙච්ච සඳරු සමහර තැන්වල 7, 8 වසරේ වගේ හැසිරීම ගැලපුනේ නෑ වගෙත් හිතුණා.
නමුත් මා මුලින් සෙවූ ප්‍රශ්න දෙකටම පිළිතුරු ලැබුණා. ඔබේ ලේඛන දිවියට ජය වේවා කසුන්.

හර්ෂණි දිල්රුක්ෂි

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “ලොකු මැණිකේ අම්මාට ද ඊයේ තම නිවස අහිමි විය, සැබෑ උත්තරය ගැඹුරුය”
Next post මයිකල් ආන්ජලෝ මොසස් පිළිරුවේ අඟවල් දෙකක් යොදන්නේ පරිවර්තන දෝශයක් නිසා ද?