“ලොකු මැණිකේ අම්මාට ද ඊයේ තම නිවස අහිමි විය, සැබෑ උත්තරය ගැඹුරුය”

Read Time:2 Minute, 17 Second

මහියංගණය, සොරබොර, ගල්ගේලන්ද පදිංචි වයස අවුරුදු අසූවක් වන තනිව ජීවත් වෙන ලොකු මැණිකේ අම්මාගේ නිවසට වන අලීන් පහරදී මහත් විනාසයක් සිදු කරන ලදී. අලින්ට ද මිනිසුන්ට ද දැඩි ලෙස ආහාර ප්‍රශ්න ඇත. අලින් ඇතුළු වන සතුන්ගේ විශාල වාසභූමි ප්‍රමාණයක් පාලකයන්ගේ අදූරදර්ශි විනාශකාරී සැලසුම් හේතුවෙන් අහිමි කෙරුණි. ඔවුන් මහත් ජීවන සටනක මුහුණ දී ආහාර සොයා ගම් නගරවලට වදිමින් සිටි. සමහර අලි ඇතුන් ගේ ශරීර තුළ වෙඩි උණ්ඩ සීය දෙසීය තැන්පත්ව තිබේ. වසරකට මිනිස් ජීවිත තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස රටට අහිමි වේ. ඊටත් වඩා අලි ඇතුන් ප්‍රමාණයක් මේ ගැටුමෙන් ජීවිත අහිමි කරගනී.

මේ ප්‍රශ්නය ද දිනෙන් දින උග්‍රවේ. එහෙත් පාලකයන්ට අනෙක් ප්‍රශ්න වලට මෙන්ම මේ ප්‍රශ්නයට ද උත්තර නැත. මිනිස්සුන් ද අලින් ද දශක ගණනක සිට ජීවිත වලින් වන්දි ගෙවමින් සිටී. අවම ලෙස අලි වැටක් ගැසීමට හෝ පාලකයන්ට නිසි වැඩපිළිවෙළක් නැත. එහෙත් පලක් නොවන බොහෝ ඉදිකිරීම් වලට කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කිරීමට පාලකයන් පසුබට නොවෙති. ජීවිත දේපළ වගා හානි අද වන විට රටේ බරපතල ප්‍රශ්නයක් බව හොඳින්ම දන්නේ ඊට මුහුණ දෙන ජනතාවය.

ඊයෙ දිනයේම මා ඇමතූ මහියංගනේ අපේ සංවිධායක සූදත් බලගල්ල සහෝදරයා NPP සොරබොර කොට්ඨාස සභාව මගින් ලොකු මැණිකා අම්මාගේ තනි කාමරයක් වන නිවස අලුත්වැඩියා කරදීමට සාකච්ඡා කළේ ය. ඔව් එය අපි අලුත්වැඩියා කර ඒ මෑණියන්ට දීමට සූදානම්ය. නමුත් මෙම බරපතළ ප්‍රශ්නයට සැබෑ උත්තරය ගැඹුරුය. ඒ සඳහා ද අපි පොරබදිමින් සිටිමු.

සමන්ත විද්‍යාරත්න(fb)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on ““ලොකු මැණිකේ අම්මාට ද ඊයේ තම නිවස අහිමි විය, සැබෑ උත්තරය ගැඹුරුය”

Leave a Reply

Your email address will not be published.

Previous post නිරෝගී දැරියක සදාකාලික රෝගියෙකු කිරීම : සම්පූර්ණ තීන්දුව සහ ඔබේ අයිතිය !
Next post ඇයි මේකට “ජා ජා ඩිං” කියලා නම වැටිච්ච හේතුව, කසුන් සමරතුංගගේ ‘ජා ජා ඩිං’