පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රී ඉල්ලයි

Read Time:2 Minute, 29 Second

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තමාට එරෙහිව දමා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් අද (30) ගොනු කරනු ලැබ තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල ගොනුකර තිබේ.

එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා පසුගිය 16 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී පියතුමා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝම්බර් මස 14 වැනි දා අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙසට වූදිතට නොතීසි නිකුත් කළේය .

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “දොස්තර සාෆිගේ වඳ සැත්කම් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක්”
Next post නිරෝගී දැරියක සදාකාලික රෝගියෙකු කිරීම : සම්පූර්ණ තීන්දුව සහ ඔබේ අයිතිය !