“දොස්තර සාෆිගේ වඳ සැත්කම් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක්”

Read Time:1 Minute, 45 Second

දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීම වෙනුවෙන් තුරුම්පුවක් ලෙස යොදාගත් බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පවසයි.

ඔහු පවසන්නේ පොලිසිය, අධිකරණය සහ රෝහල් ඇතුළු ආයතන කිහිපයක පුද්ගලයින් රැසක් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවී කටයුතු කර ඇති බව අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් පවසා ඇත.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් මෙහි පරීක්ෂණවලට සහභාගී වූ විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද තරිදු ජයවර්ධන මෙම සංවාදයෙදී හෙළි කරයි.

‘තවුහීද් ජමාත් දොස්තර සිංහල මව්වරුන් 4000ක් වඳ කරලා’ යන මැයෙන් 2019 මැයි මස 23 වනදා මෙරට ප්‍රසිද්ධ ජාතික පුවත්පතක පළවූ පුවතක් හේතුවෙන් මුළු රටේම අවධානය ඒ වෙත යොමු වීම නිසා බරපතළ අර්බුද රැසක් නිර්මාණය විය. මෙම පුවතත් සමඟ හටගත් කැළඹීම හේතුවෙන් කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසවවේදය පිළිබඳ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහුගේ රැකියාවද ඔහුට අහිමි විය.

විමර්ශන වලින් පසු මෙම සිදුවීම නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බව තහවුරු වී ඇති අතර තිබේ.

සබැඳි පුවත්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

2 thoughts on ““දොස්තර සාෆිගේ වඳ සැත්කම් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක්”

Leave a Reply

Your email address will not be published.

Previous post ක්‍රිස් බෙන්වා තෝරා ගැනීමෙන් වන්දි ගෙවූවෝ…
Next post පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය: පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රී ඉල්ලයි