ක්‍රිස් බෙන්වා තෝරා ගැනීමෙන් වන්දි ගෙවූවෝ…

Read Time:4 Minute, 44 Second

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේන්මන්ට් නැත්නම් WWE විසින් ලෝකයට හඳුන්වා දුන්නු ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව සිටි චරිතයක් තමයි ක්‍රිස් බෙන්වා (Chris Benoit) කියන්නේ. එච්චර උස මහත චරිතයක් නොවුනු ක්‍රිස් තමන්ගේ ප්‍රතිවාදයාව හරිම පහසුවෙන් ජර්මන් සූප්ලෙක්ස් (German Suplex) එකකින් බිම දාන්න සමත් වුණු කෙනෙක්.

ක්‍රිස්ගේ ජනප්‍රියතම සටන් ක්‍රමය තමා බ්‍රෝක් ලොක් (Brock Lock) කියන්නේ. මේ උපක්‍රමය අයිතිය වුණේ submission (යටත් කිරීම) කියන කාණ්ඩයට. ඒ වගේම WWE ඉතිහාසය තුළ බ්‍රෝක් ලොක් එකෙන් වැඩිම වාසියක් ගත්ත කෙනා වෙන්නෙත් ක්‍රිස් බෙන්වා. ක්‍රිස් ජනප්‍රියත්වයේ ඉහළටම ගිහින් හිටියා. ඒ තැනට ඔහු ගියේ අද වගේ නෙමෙයි නම ගිය බොහෝ චරිතයක් ප්‍රමාණයක් හිටපු යුගයක. ඔහුගේ නමින් චැම්පියන්ශිප් 22ක් ලියවිලා තිබුණා.

හැබැයි ඔහු ජීවිතයේ කිසිම විදිහකින් හදන්න බැරි වැරද්දක් කරනවා. 2007 වසරේ ජූනි 24 වනදා ක්‍රිස් බෙන්වා විසින් සිය ජීවිතයේ අවසන් තීරණයක් ගත්ත දවසක් වුණා.

මුලාශ්‍රවල සඳහන් වෙන විදිහට ක්‍රිස් බෙන්වා සහ චාවෝ ගුරේරෝ අතර සටනක් සුදානම් කරලා තිබුණා. මේ සටන සඳහා කොන්ත්‍රාත් අත්සන් කරන්න කළින් දවසේ රාත්‍රීයේ ඒ කියන්නේ ජූනි 24 වනදා ක්‍රිස්ගෙන් චාවෝට කෙටි පණිවිඩයක් එනවා, එහි සඳහන්ව තිබුණේ “බල්ලන්ව පූල් එක හරියේ ගැට ගහලා තියෙන්නේ, ගෙදර පිටිපස්සේ දොර ඇරලා දාලා” කියලා. චාවෝ මේ මැසේජ් එකෙන් අදහස් කරපු දේ තේරීලා නැහැ. ඒ නිසා ඔහු ඒ ගැන තැකීමක් කරලා තිබුණෙත් නැහැ.

පසුදිනයේ කොන්ත්‍රාත් අත්සන් කිරීමේ අවස්ථාවට ක්‍රිස් ඇවිත් තිබුණේ නැහැ, චාවෝට ඒ වෙලාවේ අර කෙටි පණිවිඩය ගැන සැකයක් හිතෙනවා. ඔහු ඒ ගැන WWE බලධාරීන්ට කිව්වට පස්සේ පොලිස් නිලධාරීන් පිරිසක් ක්‍රිස්ගේ නිවසට පිටත් කර යවනවා. ඒ නිලධාරීන්ට ක්‍රිස්ගේ නිවසෙන් දකින්න ලැබෙන්නේ මහ දරුණු අපරාධයක අවසන් දර්ශනයක් විතරයි. ක්‍රිස් සිය බිරිඳවයි, අවු.07ක් පුතාවයි කෲර ලෙස ඝාතනය කර තිබුණු අතර ඝාතනයෙන් පස්සේ ඔහුද සිය ජීවිතය අවසන් කරගෙන තිබුණා.

ක්‍රිස්ගේ මරණය ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. හැබැයි ඒ හැම අදහසක්ම අවසානයේ නැවතුණේ “දරා ගැනීමට නොහැකි තරහා” කියන තැනින්. ක්‍රිස් අධික ලෙස ශක්තිය ප්‍රයෝජනයට ගත්ත කෙනෙක්. සටන් අතර ඔහුගේ හිසට අවස්ථාවන් කිහිපයකදී හානි වෙලා තිබුණා. ඔහු ගත්ත උත්තේජක වර්ග නිසා ඔහුගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පවා ඔහුට පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක හිටියේ. ඔහු ඒ වේදනාව අවසන් කරන්න තීරණය කරන්නේ මහ දරුණු අපරාධයකින්.

බ්‍රෝක් ලෙස්නර්ගේ සහ රෝමන් රෙයින්ග් ගේ කලමණාකරු විදිහට වැඩ කරන පෝල් හෙයිමන් ක්‍රිස් බෙන්වාගේ මරණය ගැන කියපු කතාවකින් මේ ලිපිය අවසන් කරන්න හිතුවා.

“….එදා රාත්‍රීයේ ඒ නිවස ඇතුළේ තිදෙනෙක් මිය ගියා. හැබැයි ඒ මරණයන් ඇතුළේ තෝරා ගැනීමක් තිබුණේ එක්කෙනෙකුට විතරයි. අනිත් දෙන්නාට මරණය ගැන තෝරා ගැනීමක් තිබුණේ නැහැ. ඉදිරිපත් කරන්නෙකු ලෙස මගේ ජීවිතයේ දැකපු අයගෙන් ක්‍රිස් බෙන්වා සිටියේ හොඳම පස්දෙනා අතර.. ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහුට ECW එක ඇතුළේ විශාල පිරිසක් ආදරය කළා. ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහුගේ හැකියාවන් අද්වීතියයි. ඒත් ඔහු මනුස්සයෙක් විදිහට…. ඔහු එහෙම කරන්න හේතුව මට අදාළ නැහැ.. ඒත් එදා නැන්සිට සහ ඩැනියෙල්ට කිසිම තෝරාගැනීමක් තිබුණේ නැහැ.. හැබැයි ඔහුට තිබුණා…………”

සංජය රණවක

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “ක්‍රිස් බෙන්වා තෝරා ගැනීමෙන් වන්දි ගෙවූවෝ…

Leave a Reply

Your email address will not be published.

Previous post දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව රැගෙන කණ්ඩායම මෙරටට පැමිණෙයි
Next post “දොස්තර සාෆිගේ වඳ සැත්කම් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක්”