දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව රැගෙන කණ්ඩායම මෙරටට පැමිණෙයි

Read Time:2 Minute, 25 Second

පස්වැනි දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දෙවන වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කණ්ඩායක අද (30) පෙරවරුවේ යලි දිවයිනට පැමිණියේය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වූ අතර, ඊයේ පැවති අවසන් තරගයේ දී සත්කාරක මාලදිවයින් කණ්ඩායම ලකුණු 72ට 59ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනා ගත්තේය.

මාලදිවයින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය සහ මාලදිවයින් පැසිපන්දු සංගමයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මුලින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය සහභාගි වීමට නියමිතව තිබිණි. එහෙත් ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මොහොතේ තරගාවලියට සහභාගි නොවීමට තීරණය කිරීම නිසා රටවල් හතරක තරගයක් ලෙස පවත්වන ලදී.

තරග ප්‍රතිඵල මෙසේය

මාලදිවයින විසින් ලකුණු 51-47 ක් ලෙස නේපාලය පරාජය කළේය.
ශ්‍රී ලංකාව විසින් ලකුණු 98-33 ක් ලෙස භූතානය පරාජය කළේය.
නේපාලය විසින් ලකුණු 55-49 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කළේය.
නේපාලය විසින් ලකුණු 65-26 ක් ලෙස භූතානය පරාජය කළේය.
ශ්‍රී ලංකාව විසින් ලකුණු 72-59 ක් ලෙස මාලදිවයින පරාජය කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, නේපාලන හමුවේ ලකුණු 55-49 ක තියුණු පරාජයක් ලැබූවද ශ්‍රී ලංකාව සහ නේපාලය තරග 2 බැගින් ජයගනිමින් එක් තරගය බැගින් පරාජයට පත්ව සිටියද, තරගාවලිය පුරා ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ලබාගත් ලකුණුවල එකතුවෙහි සහ ප්‍රතිවාදී කණ්ඩායම් හමුවේ ලබාදුන් ලකුණුවල එකතුවෙහි පරතරය අනුව ශ්‍රී ලංකාවට එම අවස්තාව හිමිවිය. මෙහිදී ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාවත්, නේපාලයට එහි අනු ශූරතාවත් හිමිවිය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

5 thoughts on “දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව රැගෙන කණ්ඩායම මෙරටට පැමිණෙයි

Leave a Reply

Your email address will not be published.

Previous post අසූවේ පෞරුෂය විට්ටච්චි
Next post ක්‍රිස් බෙන්වා තෝරා ගැනීමෙන් වන්දි ගෙවූවෝ…