අසූවේ පෞරුෂය විට්ටච්චි

Read Time:55 Second

ආයෙ මොන කතාද,
ඊයෙ සැන්දෑ වරුවෙ
පේරාදෙණියේ වළේදි
ධර්මසිරි ගෙ ” ධවල භීෂණ ” ඇතුළෙ ඉඳන්
උඹ ගහපු හයේ පාරවල්
ගොන්න දිහා මමත් ඒ ප්‍රේක්ෂක
අවකාශයෙ ඉඳන්
ඇහිපිල්ලම් නොගහ
බලාගෙන හිටියා.
හිල්ඩා ඔබේසේකර හෝල් එකටත් උඩින් ගිය
බෝලෙ කීප වතාවක්ම වැටුණෙ
මහවැලි ගඟෙනුත් එහා පැත්තට.
හරියට කන්ථක අශ්වය ගෙ
ජම්ප් එක වගේම තමයි.

හැබැයි ඒකෙං බුදු වුණේ අපි.

අසූවේ දශකයෙන් මෙහා පැත්තෙ
එකෙක් නං ආයෙ ඒ බෝලෙ අහුලනව බොරු.

ආංගික අභිනය + හඬ පෞරුෂය = වසන්ත විට්ටච්චි

මගෙ පැරණි බොක්කෙ මිත්‍රයා,
අපේ අතීත ඇසුරු මතකත් එක්කම
මේ කියන්නෙ.
උඹ ඇතුළෙ ඉන්න නළුව නං නළුවම තමයි.
ජය….

හේමන්ත අරුණසිරි

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

17 thoughts on “අසූවේ පෞරුෂය විට්ටච්චි

Leave a Reply

Your email address will not be published.

Previous post ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?
Next post දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව රැගෙන කණ්ඩායම මෙරටට පැමිණෙයි