ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?

Read Time:5 Minute, 10 Second

ස්වෛරී බැඳුම්කරයක් යනු රජය විසින් නිකුත් කරන ලද විශේෂිත ණය උපකරණයක්. ඒවා විදේශීය හා දේශීයවණයක් ලෙස මුදල් ලබා ගැනීම සඳහා නිකුත් කළ හැකියි. රජය වෙනුවෙන් මෙම කාර්යය සිදු කරන්නේ රජයේ බැංකුකරුවා වන මහ බැංකුව විසින්. අනෙකුත් බැඳුම්කර මෙන්ම, ස්වෛරී බැඳුම්කරලෙස ණය ලබා දීම වෙනුවෙන් ගැණුම්කරුට පොලියක් ද ගෙවීමට සිදු වෙනවා.

ඇත්තටම මෙලෙස ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීම කියන්නේ ආයෝජනයක්. මෙහිදී සිදු වන්නේ නියමිත කාලය අවසානයේදී නැතිනම් කල්පිරීමේදී අදාල සහතිකයේ මුහණත වටිනාකම රජයට ගෙවීමට සිදු වීමයි.එමෙන්ම නියමිත වසර ගණනක් සඳහා යම් පොලියක් ගෙවීමට සහ මුහුණත වටිනාකම නිසි කාලයේදී ආපසු ගෙවීමට ද මෙහිදී රජය වෙනුයවන් මහ බැංකුව ‍බැඳී සිටිනවා.

නිදසුනක් ලෙස රුපියල් සියයක බැඳුම්කරයක් නිකුත් කළා යැයි සිතමු. මහ බැංකුව විසින් ලබා දෙන බැදුම්කර සහතිකයේ මුහුණත එහි අගය රු. 100 ක් ලෙස සටහන් වනවා. එයට කියන්නේ මුහුණත අගය කියලා. බොහෝ දුරට සිදු වන්නේ අදාල ආයෝජකයින්ට ගෙවිය යුත්තේ ඊට වඩා අඩු ගණනක්. නිදසුනක් ලෙස එය රුපියල් 100 බැඳුම්කරය වෙනුවෙන් ආයෝජකයා ලබා දෙන්නේ රු. 95 ක් විය හැකියි. නමුත් කල් පිරීමේදී රුපියල් 100 ක් මහ බැංකුව විසින් ගෙවිය යුතුයි. ඊට අමතරව කිසියම් පොළියක් ද ගෙවිය යුතු වනවා.

එය තීරණය වන්නේ ආයෝජකයින් කැඳවා ගැනීමට එම රටට ඇති සක්‍යතාවය මතයි. ආර්ථික වශයෙන් වඩාත් ස්ථාවර රටවලට සාපේක්ෂව ද්‍රවශිලතා ගැටළු සහ ඉහළ උද්ධමන අනුපාත ඇති රටවල් බැඳුම්කර සඳහා ඉහළ පොලී ප්රතිලාභ ආයෝජකයින් වෙනුවෙන් නිකුත් කළ යුතුයි. නැතිනම් ආයෝජකයින් එන්නේ නැහැ.

රජයකට සිය වියදම් පියවා ගැනීමට, විකල්ප 3 ක් තිබෙනවා. පළමු වැන්න ඩොලර් ආදායම් ඉහළ දමා ගැනීමයි. දෙවැන්න බදු වැඩි කිරීමයි. නැතිනම් ණය ලබා ගත හැකියි. ඒ සඳහා භාවිතා කරන එක් ණය උපකරණයක් වන්නේ බැඳුම්කර නිකුත් කිරීමයි. තවත් මෙවැනි ණය උපකරණ කිහිපයක්ම තිබෙනවා.භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, ස්වෛරීත්ව බැඳුම්කර, සෘජු දෙස් විදෙස් බැංකු ණය, ක්‍රෙඩිට් ලයින්ස් ආදී තවත් විවිධ ණය උපකරණ රැසක්ම තිබෙනවා.

මේවා කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන විය හැකියි. ස්වෛරී බැඳුම්කර කියන්නේ මැදි හා දිගු කාලීන ණය උපකරණයක්.බොහෝ දුරට වසර 05 න් හෝ වසර 10 න් ආපසු ගෙවිම සඳහා තමයි මෙවැනි ණය ලබා ගන්නේ.

ශ්‍රි ලංකා රජයත් මේ ආකාරයට විදේශිය ස්වෛරී බැඳුම්කර නිකුත් කර තිබෙනවා. එලෙස ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයෙන් මේ වන විට ගෙවීමට ඇති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 11,550 ක්. නැතිනම් ඩොලර් බිලියන 11.5 ක්. මේ ස්වෛරී බැඳුම්කර අවස්ථා 10 කදී පමණ නිකුත් කර තිබෙනවා.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මේ සියළුම බැඳුම්කර නිකුත් කර ණය ලබා ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුව විසින් වීමයි. ඒ කියන්නේ දැනට ආපසු ගෙවීමට නොහැකිව රටක් ලෙස හිර වී සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ ලබා ගෙන තිබෙන ණයයි. 2023 වසරේ සිට 2030 වසර දක්වා කාලයේදී මෙම ණය පොළිය ද ගමග අප ගෙවිය යුතුයි.

ඇතැම් බැඳුම්කර ලබා ගැනීමේදී 7.8% තරම් ඉතාම වාර්ෂික ඉහළ පොලී අනුපාත වලට මේවා ලබා ගෙන තිබෙනවා. මේ ණය ලබා ගෙන තිබෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ විසින්මයි. අද අර්බුදය ගොඩ දාන්න කථා කරන රනිල් වික්‍රමසිංහ මෙම අර්දබුයේ නිර්මාණකරුවා බව කවුරුත් දන්නේ නැහැ. හිතා මතාම එය සඟවා ඔහු රට ගොඩ ගන්න ආව ප්‍රාතිහාර්ය පාන්නේකු ලෙස හැසිරෙනවා. නමුත් ඇත්තටම අර්බුදයේ නිර්මාණකරුවා වන්නේ ඔහුයි.

අනුහස් බංඩාර

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?

Leave a Reply

Your email address will not be published.

Previous post ලිවීම පිළිබඳ ඇති අවංකභාවය ‘සෝබනකාරයා’ ගේ පිටුවක් නෑර මුණ ගැසෙයි
Next post අසූවේ පෞරුෂය විට්ටච්චි