ලිවීම පිළිබඳ ඇති අවංකභාවය ‘සෝබනකාරයා’ ගේ පිටුවක් නෑර මුණ ගැසෙයි

Read Time:3 Minute, 22 Second

දවස පටන් ගත්තෙ අළුපාටට . ග්ලූමි ගතියට. ඒහෙම දවස් වලට අයිති ස්මෘතීන් අපිළිවෙලට එකා මත්තෙ එකා වැටිලා සාංකාවක් සහ අහේතුක පාළුවක් ඇති කරා. නියම දවසේ සෝබනකාරයට අහුවුණේ. සෝබනකාරයගෙ ග්‍රේ ගතියට දවස හොඳට සූට් වුණා.

‘ඉක්බිති හෙලේනා මඳක් නිහඩව සිට මා කෙරේ තියුණු බැල්මක් හෙළුවාය .ඒහි ඇති අනුරාගය වැදී මම පහන් සිළුවක් සේ සැලෙන්නට වූයෙමි. ඇය සෙමෙන්ම ඇයගේ දුහුල් ඇඳුම උරහිසින් පන්නා දමන්නට සැරසුණාය.
ඇයගේ ශෝභමාන වූ, වීනස් ප්‍රතිමාවක මෙන් ගිනි සිළු වැඳී දිලෙන කිරි ගරුඩ උරහිස් දෙස මම හොඳින් බලා සිටියෙමි. නමුත් මාගේ සිරුර පුරා සලිත වෙමින් පැවති වික්ෂේපය යටපත් කිරීමට මට නොහැකි විය. ශරීරය පුරා දිව ගිය වෙව්ළුමක් පුපුරු ගසමින් හිසින් පිටවන්නට යන බවක් මට දැනෙන්නට විය’

අළු අඳුරු පැහැයට වඩාත් මිත්‍ර වූ අකුරු අතරින් පළායන්නෙකු මුණ ගැසේ. ඒසේ නැතහොත් නොරඳන්නෙකු මුණ ගැසේ. ඔහු ජීවිතයෙන් පළා යන්නට කල්පනා කරයි. අනෙක් අතට ගෙවමින් සිටින මොහොතින් පළා යන හැටි පෙනේ. පරිඡේදයෙන් පරිඡේදයට භූගෝලීය සහ කාල කලාප දෙකක විසිරෙන කතාව මිස් වෙතැයි බියෙන් මම නොනවත්වා කියවමින් සිටියෙමි. ආඛ්‍යානය තුළ මුදා හැර ඇති අධිපතිභාවය වරෙක නොරිස්සුම් සහගතව දැනේ . (පොත කියවා අවසන් වන විට එකී ආධිපත්‍යය ලියමනට එකතු විය යුතු එකක් ලෙස හඟිමි) ඒ් අතර ලිවීම පිළිබඳ ඇති අවංකභාවය පිටුවක් නෑර මුණ ගැසෙයි.
පුද්ගල සන්තානයේ ගුහාගත, හුදකලා , අඳුරු, ගූඩ කලාප පොතක පිටු අතරට ගෙන ඒ්ම සීරු මාරුවට කළ යුතු කරුණක් වුවත් ප්‍රභාත් එහි පුරුදුකරුවෙකු මෙන් හැසිරෙයි. සිද්ධි සහ ඉන් පාඨකයා වෙහෙසට පත් නොකරයි. කතාව විසිරී ඇතැයි පෙනුනද සියල්ල බැඳ ඇත්තේ එකම හුයකිනි. කියවන්නා ඒ් හුය පරිස්සමට අල්ලාගත හොත් කතා කිහිපයක් සොයා ගන්නටත් එවන් තැන්හී අප තුළ ගිලී ඇති ආත්මයේ සෙවණැලි දකින්නටත් වරමක් ලැබේ.
ප.ලි
ප්‍රභාත් විතානගේ සෝබනකාරයා නවකතාව කියවා දවස් ඒකහමාරක් ගත වුවද මේ කෙටි සහෘද සටහන ලියාගන්නට හිත එකලස් කර ගන්නට හැකි වූයේ ඊයේ රාත්‍රියේ දීය. හුරුපුරුදු ධාරාවෙන් වෙනස් ෂානරයක සිනමාපටයක් නරඹා ඉන් අනපේක්ෂිත විස්මයට පත්වූ නරඹන්නෙක් මෙන් සෝබනාකාරයා විසින් ජනිත කළ කිසියම් හැඟුම් මාත්‍රයක් මේ ලිවීම පමා කෙරෙව්වේය.
සෝබනකාරයා වෙනස් සලකුණක් තබනු ඇතැයි සහෘදව සිතමි.

අනුපමා ගනේගොඩ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක් – 2 !!
Next post ස්වෛරී බැඳුම්කර’ ගැන ඇත්ත කථාව මොකද්ද?