“පුතත් ගහලා පුතාටත් ගහලා තියනවා – පුතා රජයේ වාහනයක් ගෙනිහින්”

Read Time:1 Minute, 5 Second

තමන්ගේ පුත්‍රයා කිරිබත්ගොඩදී ඔහුගේ යහළුවන් සමඟ තවත් සිසුවෙකුට පහරදීම සඳහා තමන්ට රජයෙන් ලබාදී ඇති වාහනයක් යොදාගෙන ඇති බවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පිළිගනියි.

රජයේ වාහනයක් රැගෙන ගොස් මෙලෙස පහරදීමකට සම්බන්ධවීම පිලිබඳ කණගාටු වන බවත් රටේ ජනතාවගේ හා රජයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත.

මෙම පහරදීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ට අවශ්‍ය සිය පුත්‍රයා චණ්ඩියෙක් කිරීමට නොවන බවද ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පුතත් ගහලා පුතාටත් ගහලා තියනවා පහරදීම සම්බන්ධයෙත් තමන් අනෙක් පාර්ශවයේ දෙමාපියන්ගෙන්ද සමාව ඉල්ලා සිටි බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

8 thoughts on ““පුතත් ගහලා පුතාටත් ගහලා තියනවා – පුතා රජයේ වාහනයක් ගෙනිහින්”

Leave a Reply

Your email address will not be published.

Previous post “සංචාරක රැකවරණ අරමුදලක් තිබීම වැදගත්, අපි ඒක කරනවා”
Next post 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක් – 2 !!