රෝහිත අබේගුණවර්ධනට දින 40 කට විදෙස්ගත වීමට අවසර

Read Time:2 Minute, 6 Second

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම දින 40 කට තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සිය දරුවාගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා එංගලන්තයට යාමට සහ සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතාලියට යාමටත් අවසර ලබාදෙන ලෙස අධිකරණයට නීතීඥයින් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මෙම අවසරය ලැබී ඇත.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10ක ඇපයක් මත ඔක්තෝබර් 10 වනදා සිට නොවැම්බර් 20 වනදා දක්වා රෝහිත අබේගුණවර්ධනට විදෙස්ගත වීමට අවසර ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.

ඔක්තෝබර් 10 සිට ලබන නොවැම්බර් මස 20 දක්වා විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණු අතර ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය රෙජිස්ටර් වරියට නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළව ඔහු විදේශ ගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේද යන්න මහේස්ත්‍රාත් වරයා විමසා සිටි අතර එහිදී විරෝධයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
රෝහිත අබේගුණවර්ධන මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නැති බවත් විමර්ශන සහාය සදහා නීතිපති උපදෙස් මත විදේශ ගමන් තහනම පනවා ඇති බවත් ජනාධිපති නීතිඥ වරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

5 thoughts on “රෝහිත අබේගුණවර්ධනට දින 40 කට විදෙස්ගත වීමට අවසර

Leave a Reply

Your email address will not be published.

Previous post “දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්න” සනත් නිශාන්තට සිතාසි
Next post සුබ්‍රමනියම් ස්වාමි – ඥානසාර – ගෝඨාභය තවත් අපරාධ රැසක් අත ළඟ ?