“දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්න” සනත් නිශාන්තට සිතාසි

Read Time:2 Minute, 46 Second

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය අද (29) නිකුත් කරන ලද්දේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව අද (29) දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කළේය.

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර ඇති බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් එසේ තිබිය දී අගෝස්තු මස 23 වන දා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

මෙහිදී සනත් නිශාන්ත අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳහෙළීමට ක්‍රියා කර ඇති බවද පෙත්සමෙන් චෝදනා කරයි.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කරයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

8 thoughts on ““දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්න” සනත් නිශාන්තට සිතාසි

Leave a Reply

Your email address will not be published.

Previous post ආණ්ඩුව මර බයේ – අධි ආරක්ෂක කලාප ඒ නිසයි.
Next post රෝහිත අබේගුණවර්ධනට දින 40 කට විදෙස්ගත වීමට අවසර