“සංචාරක ආර්ථිකයක් කරා” ජාතික ජන බලවේගය ඊයේ ගලධාරී හෝටලයේ දී

Read Time:2 Minute, 42 Second

සංචාරක ආර්ථිකයක් කරා යන මැයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ගලධාරී හෝටලයේ දී සංවාදශීලී සාකච්ඡාවක් ඊයේ (28) පස්වරුවේ පවත්වන ලදී.

එහි දී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ යෝජනා මාලාවක් පිළිබඳ අවධානය යොමු වූ අතර මේ සඳහා සංචාරක කර්මාන්තයේ නියුතු විශාල පිරිසක් සහබාගී විය. එහි ප්‍රධාන දේශනය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පවත්වනු ලැබිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ජාතික ජන බලවේගයේ ආර්ථික සම්පාදක කමිට්‍රවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , රෙඩින් විශ්වවිද්‍යාලය , එංගලන්තය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු) ශාන්ත ජයරත්න, දත්ත විද්‍යා විශේෂඥ චතුරංග අබේසිංහ , අංශාධිපති, සංචාරක අධ්‍යයන අංශය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, සභාපති, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය ඌව පළාත,මහාචාර්ය රුවන් රණසිංහ යන පිරිස මූලික කර ගනිමින් මෙම සංවාදශීලී සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය ශාන්ත ජයරත්න සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ ව්‍යවසායකයන්, සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති, මහාචාර්ය රාජ් සෝමදේව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර් ජනක් කුමාරසිංහ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය රණසිංහ මෙන්ම සංචාරක කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන පෙලේ විශාල පිරිසක් සහභාගි විය.

මෙහි දී සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජාතික ජන බලවේගයේ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, පැමිණි සිටි පිරිස ද යෝජනා හා අදහස් ඉදිරිපත් කරකළේය.

ඡායාරුප . රවීන්ද්‍ර පුෂ්පකුමාර

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on ““සංචාරක ආර්ථිකයක් කරා” ජාතික ජන බලවේගය ඊයේ ගලධාරී හෝටලයේ දී

Leave a Reply

Your email address will not be published.

Previous post අයි එම් එෆ් එකඟතා මත ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් !
Next post ආණ්ඩුව මර බයේ – අධි ආරක්ෂක කලාප ඒ නිසයි.