අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධියි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Read Time:2 Minute, 2 Second

රාජ්‍ය රහස් පනත යොදාගනිමින් අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙස සහ එම පනත යටතේ ගැසට් නිවේදන නිකුත් කිරීම අත්හිටුවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලමින් නිතිපති ඇතුළු දස දෙනෙකුට එරෙහිව ඊයේසමාජවාදී තරුණ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කරනු ලැබීය.

ඊයේ (26) පස්වරුවේ නීතීඥ ජානක අධිකාරී ප්‍රමුඛ නීතීඥවරු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ගොනු කළ අතර නීතිපති සංජය රාජරත්නම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්ථානාධිපතිවරු ඇතුළු 10 දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් කර තිබේ.

පසුගිය 24 වෙනි දින සමාජවාදී තරුණ සංගමය විසින් සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව කුරුඳුවත්ත පොලීසියට දන්වා තිබියදී සහ සමාජ මාධ්‍ය මෙන්ම පෝස්ටර් යොදාගනිමින් ඒ පිළිබඳව පූර්ව ප්‍රචාර ලබා දී තිබෙන අතරතුර 23වන දින රනිල් වික්‍රමසිංහ පත්කළ ජනාධිපති විසින් රාජ්‍ය රහස් පනත යොදාගනිමින් අධි ආරක්ෂිත කලාප ගැසට් කරනු ලැබීය. එම පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පෙත්සම විභාග කර අවසන් වන තුරු මෙම පනත යටතේ ගැසට් නියෝග නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

9 thoughts on “අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධියි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

Leave a Reply

Your email address will not be published.

Previous post පේරාදෙණියේ මනමේ බලන්න 9,000 වාර්තාගත ජනතාවක්
Next post ඉතාලිය මිල්ලෙ සොයා ආපසු යයිද? ‍