පේරාදෙණියේ මනමේ බලන්න 9,000 වාර්තාගත ජනතාවක්

Read Time:3 Minute, 41 Second

පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයනාංශය මඟින් සංවිධානය කෙරුණු නාට්‍ය උලෙළට සමඟාමී ව ඊයේ (26) මනමේ නාට්‍යය වේදිකාගත කෙරුණ අතර මනමේ නාටකය සම්ප්‍රධායක් වශයෙන් සෑම වසරක දී ම පේරාදෙණි සරසවියේ රඟ දක්වනු ලබයි.

මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ (වළේ) දී පැවති මනමේ නාටකය නැරඹීම සඳහා ඊයේ දින 9,000ක ප්‍රේක්ෂක පිරිසක් සහඟාගි වීම විශේෂත්වයකි.

සාමාන්‍යයෙන් එක් වර වැඩි ම ප්‍රේක්ෂක පිරිසක්ගෙන් සරච්චන්ද්‍ර රඟමඬල පිරී යන්නේ, මනමේ නාට්‍යය නැරඹීමට බව වාර්තා වේ.

එය පෙර නො වූ විරූ ප්‍රේක්ෂක සහභාගිත්වයක් බව යි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසයි.

තවමත් රුපියල් 50ක් වැනි ඉතා ම සුළු මුදලකට මෙහි නාට්‍යය නැරඹිය හැකි අතර, එය කාටත් හිමි වන මහඟු අවස්ථාවකි.

එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬල හෙවත් වළේ ඉතිහාසය ගැන සමන්ති දිනමිණට ලියා තිබුනේ මෙසේය.

“ගියොත් ආපසු ආ හැකිය… නොගියොත් නැවත ඒමක් නැත…..“ මළවුන්ගේ අවුරුදු දා…හි එකදු වචනයක් හෝ ඇස ගැටෙන, කන වැකෙන ඕනෑම මොහොතක, සැනින් සිත්හි මැවෙන දසුන එදිරිවීර සරත්චන්ද්‍ර යෝ ය. විශ්වවිද්‍යාල අතරින් සොබා සෞන්දර්යයෙන් අනූන සුන්දර ම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය යැයි පැවසීම සත්‍යයකි. විශ්වවිද්‍යාල භූමියේ ඉදි කොට ඇති එළිමහන් රංග පීඨය, මේ සුන්දරත්වය තව තවත් තීව්‍ර කරන බව නොරහසකි.

එළිමහන් රංග පීඨය ඉදිවන්නේ 1950 වසරේ දී එදිරිවීර සරච්චන්ද්‍ර විද්වතානන්ගේ යෝජනාවකට අනුව ය. ගමේ පන්සලේ, කමතේ, නාට්‍ය රඟදැක්වූ සරච්චන්ද්‍රයෝ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නාට්‍යයක් එළි දැක්වීමේ, රඟදැක්විමේ අපහසුතාවයෙන් පෙළුනේ, ඊට සරිලන තැනක් විශ්වවිද්‍යාලයේ නොතිබුණු බැවිනි.

එවකට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටියේ, මහාචාර්ය නිකොලස් ආටිගල මහතා ය. සරච්චන්ද්‍ර මහතා කළ යෝජනාව ක්‍රියාත්මක කර , ඔවුහු ග්‍රීසියේ නාට්‍යාගාරයකට ආසන්න පෙනුමක් සහිතව එළිමහන් රංග පීඨය තැනූහ. එය ‘වළ’ නමින් ප්‍රකට විය. අදට ද, වළ යනුවෙන් පැවසූ කල්හි, කාගෙ කාගේත් සිහියට එන්නේ, මේ ස්ථානයයි.

මෙහි නැරැඹුම් පෙදෙසේ කවාකාර ඉඩකඩෙහි අර්ධ කවාකාර අසුන් තනා ඇත්තේ, පඩි පෙළක් පරිද්දෙනි. පඩි පෙළ විසි එකක් සහිත මෙහි, නරඹන්නන් දහසකට වැඩි පිරිසක් රඳවා තැබිය හැකි ය.

නාට්‍ය ඉතිහාසයේ ශ්‍රී ලාංකේය රජු ලෙස විරුදාවලිය ලත් සරච්චන්ද්‍රයෝ, මේ එළිමහන් රංග පීඨයේ ප්‍රථමයෙන් රඟ දැක්වූයේ, මනමේ නාට්‍යය ය.

මේ සිරිලක පරම්පරා වෙනසක් ඇති වුව ද, ‍ඵෙතිහාසික නිර්මාණවල වෙනසක් නැත. වෙනස ඇත්තේ, එය ග්‍රහණය කරගන්නා හදවත්වල පමණි. “ වළ“ ද එපරිදිම ය.

සමන්තී (දිනමිණ)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

9 thoughts on “පේරාදෙණියේ මනමේ බලන්න 9,000 වාර්තාගත ජනතාවක්

Leave a Reply

Your email address will not be published.

Previous post ජපන් ගිය රනිල්ට ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය
Next post අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධියි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්