යොවුන් පරම්පරාවට තමන් ගේ තැන ගැන සිහිපත් කරන අත්දැකීමක්

Read Time:4 Minute, 33 Second

‘බන්ටියි ඇන්ටියි මොන්ටියි’- මහින්ද දළුගොඩආරච්චි
මහින්ද දළුගොඩආරච්චි කියන නම මෑත සාහිත්‍ය කතිකාවන්හි වගේම ලේඛණ වලත් සඳහන් නොවුන නමක්. ඒත් කාලයකට ඉහත ඔහු පත්තර අතර බොහොම සක්‍රීය පුද්ගලයෙක්. ලක්බිම ඇතුළු තවත් පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයෙක් හැටියට කටයුතු කළ ඔහු තම පුවත්පත් කලාවේදී ජීවිතය තුළ බොහෝ ලේඛකයන්ට තම පිටු අතර නිදහසේ ඉඩ සලසා දුන් සුහද මිනිසෙක්. ඒ වගේම ඔහු පුවත්පත් කලාවේදී ජීවිතයෙන් ඉවත් වෙන්නෙ ඔහුගෙ අසාර්ථකවීම නිසා නොව ලංකාවෙ පුවත්පත් අකාලේ මිය යාමේ දරුණු රෝගයට ගොදුරු වීමේ පලයක් හැටියට.

පුවත් පත් වලින් පිටමං වෙන්න සිදුවුනාට ඔහු තමන්ගෙ නිර්මාණ ජීවිතය අත් නොහැරිය කෙනෙක්. මේ වන විට ඔහු ළමා ගීත, පාසල් දරුවන් සඳහා අමතර කියවීමේ පොත්, නවකතා සහ යොවුන් නවකතා රචකයෙක් ලෙස තම අනන්‍යතාව ලේඛණ සාහිත්‍ය තුළ සනිටුහන් කළ පුද්ගලයෙක්. ඔහුගෙ පළමු යොවුන් නවකතාව පලවෙන්නෙ ඇත්තුරු දඩබිම නමින්.

මහින්ද තරමක නිහැඬියාවකට පස්සෙ ආයෙම යොවුන් නවකතාවක් සමගින් පාඨකයන් අතරට ඇවිත්. මෙවර ඔහුගෙ නිර්මාණයෙ නම බන්ටියි ඇන්ටියි මොන්ටියි. තම පුද්ගල දිවියෙහි සමීප වන සතුන් ගේ ඇසුර පිලිබඳ මතකයන් පරිකල්පනය හා මහු කරමින් ඔහු යොවුන් පාඨකයන්ට ජීවිතය ගැන එක්තරා වෙනස් මානයක අත්දැකීමක් ගේන්න උත්සාහ කරනව. සාමාන්‍යයෙන් අපේ රටේ යොවුන් පරපුරටත් වැඩිහිටියො සලකන්නෙ කුඩා දරුවන්ට වගේමයි. ඔවුන් නිතරම බබා ලා හැටියට තියන්න තමයි වැඩිහිටි වැඩි කැමැත්ත. ඒත් මහින්ද ඒ සීමාව ඉක්මවා යමින් යෞවනියන් දස දෙනකු සිටිනා බෝඩිමක සිදුවීම් මාලාවක් හරහා යෞවනත්වයේ ජවය, නිර්මාණශීලීත්වය, හෘදයාංගමබව, ජීවිතාවබෝධය ලබාගන්නා ආකාරය මෙන්ම ඔවුන් වැඩිහිටි සමාජය තුළ තම ස්ථානය තහවුරු කරගන්නා ආකාරය කදිමට සිත්තම් කරනව. විටෙක හාස්‍ය රසයත්, විටෙක සංවේදී බවත් ඒ වගේම අනෙක් අයගේ ජීවිත දෙස යොවුනන්ට‍ බලන්නට ඇති හැකියාවත් විදහා දක්වමින් මහින්ද ගොඩ නගන චරිත අපේ යොවුන් පරම්පරාවට තමන් ගේ තැන ගැනත් සිහිපත් කරන අත්දැකීමක්.

යෞවනයිනි හෙට නොව අද මේ රට බාර ගන්න කියල කිවුවෙ මාවෝ සේතුං. ඒත් අපේ සමාජයෙ වැඩිහිටියන් කැමති යෞවනයන් දිගටම වැඩිහිටියන්ට කීකරු ප්‍රශ්ණ නොඅසන ළමයි හැටියට ඉන්නව දකින්න. මහින්දගෙ කතාවෙ වීරවරියො ඒ සීමාවන් ඉක්මවල යමින් වැඩිහිටියන්ගෙ ජීවිත වලට එබිකම් කරනව විතරක් නෙවෙයි ඔවුන්ගෙ ජීවිත වල අඳුරු අගාධයන් ආලෝකමත් කරල ඔවුන්ට ජීවිතය ගෙන එන්න මැදිහත් වෙනව. ඒ ඇසුරින් ඔවුන්ද වෙනස් වෙමින් තමන්ගේ වැඩිහිටියන්ද වෙනස් කරන අතරම ජීවිත විසිතුරු කරන්න උපරිම දායකත්වය දක්වනව. මේ කතාව තුළ අපට දකින්න ලැබෙන යෞවන සහ සත්ව ඇසුරත් සම්ප්‍රදායික කතාවල එන සතුන්ට ආදරය දැක්වීමේ ආදර්ශයට වෙනස්. මේ යෞවනියන් පූසෙකු හරහා තම වැඩිහිටියකු ගේ ජීවිතයේ ඉතාම ඛේදජනක අත්දැකීමක් යළි පිලිසකර කරන්න උපායශීලීව මැදිහත් වෙනව.

මේ කෘතිය දළුගොඩ ප්‍රකාශකයන්ගෙ පළමු ප්‍රකාශනය. වර්තමාන අර්බුදය මැද එහි මිල රුපියල් 550ක්. ඒත් එය අපේ යොවුන් පරම්පරාවට කියවන්න වටින කෘතියක්. ඒ නිසා වැඩිහිටියන්ට තම නිවෙස්වල ඉන්නා යොවුන් පාඨකයන්ට එය සමීප කරවන්න පුණුවන් නම් අගෙයි.

චූලානන්ද සමරනායක

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
100%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “යොවුන් පරම්පරාවට තමන් ගේ තැන ගැන සිහිපත් කරන අත්දැකීමක්

  1. Dicyclomine is used to treat a certain type of intestinal problem called irritable bowel syndrome.
    It helps to reduce the symptoms of stomach and intestinal
    cramping. This medication works by slowing the natural movements of the gut and by relaxing the muscles in the stomach and intestines.
    Dicyclomine belongs to a class of drugs known as.

Leave a Reply

Your email address will not be published.

Previous post රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 9 දෙනෙක් මියයයි
Next post ජපන් ගිය රනිල්ට ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය