පෝරිසාදයා , විශ්වවිද්‍යාලය සහ කැනිබලිසම්:

Read Time:1 Minute, 30 Second

ජෝර්ජ් ස්ටයිනර් කියූ දෙයක් මතක් වෙනවා. ඒක මේ ශිෂ්ටත්වයේ සළුපිළිවලින් වැසුණු භයානක මිනිහාට ගලපලා කියන්න පුළුවන්. මෙයා, සවසට ගොතේ හෝ රිල්ක කියවලා, රාත්‍රියට බාර්ක් හෝ ෂූබට්ගේ සංගීතය රස විඳලා උදේට අවුස්විට්ස් වධකාගාරයේ තමන්ගේ දිනපතා රාජකාරි වන මිනිස් සංහාරයට හරිම සාමාන්‍ය විදියට සහභාගී වෙන්න පුළුවන් කෙනෙක්. උදේ බුක් ෆෙයාර් ගිහින් සරසවි ගැන අලුත් ම පොත බලලා, ඒ පොත සියලු දෙනා කියවිය යුතු බවට නිර්දේශ කරලා දවල් කොළඹ දී වීථි සටන් කරන සරසවි සිසුන්ට තිරිසන් ලෙස ගහන්න, මරන්න, සිරගත කරන්න හරිම නොර්මල් විදියට අණ දෙන කෙනෙක්.
චිත්‍රපටයක් තියෙනවා Silence of the Lambs කියලා. එහි සිටින විද්වතෙක් වන හැනිබල් ලෙක්ටර් මිනිමස් බුදින්නෙක්. එයා මිනිහෙකුගේ මාංසය අනුභව කරන්නේ හැඳි ගෑරුප්පුවලින් ගුවන් යානයක යන ගමන්. ටයි කෝට් එහෙම ඇඳලා. දන්නවා ද ඒ වෙලාවේ එයාගේ පල්ස් රේට් එක නොර්මල්. එයාට ඒක මාලු පාන් කනවා වගෙයි. ඒ ජාතියේ මිනිහෙක් මේ.

හිනිඳුම සුනිල් සෙනෙවි

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
100%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “පෝරිසාදයා , විශ්වවිද්‍යාලය සහ කැනිබලිසම්:

Leave a Reply

Your email address will not be published.

Previous post 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක්!
Next post “ඔබතුමාගේ ඇමති මණ්ඩලයට පණ්ඩිත කතා කියන්න එපා කියල”