“අපි ඔයගොල්ලන්ගෙ අකුරු වලට ඒ තරමටම ආදරේ කරනවා”

Read Time:3 Minute, 48 Second

බුක් ෆෙයා ඊයෙන් ඉවර උනා.මේ මං ඒ ගැන අපේ දුවක් ලියලා තිබුණු ලස්සන කමෙන්ට් එකක්

“අපේ (නංගිගෙයි මගෙයි) Bookfair ගමන කියන්නෙ පොත් ගන්න එක විතරක් ම නෙවෙයි….. අපි ආස කරන පොත් ලියවිච , සාහිත්‍යය ලෝකෙ දැවැන්ත චරිත මුණගැහෙන්න ලැබෙන අවස්තාවත් අපිට Bookfair යන්න ලැබෙන අමතර උත්තේජනයක්…
ඉතින් අද ඒ වගේ දවසක්…වැඩ රාජකාරි අස්සේ උනත් අපිත් එක්ක කතාකරන්න , පොටෝ එකකට ඉන්න, අහම්බෙන් හම්බ උන මගකදි උනත් අපි එක්ක හිනාවෙන්න තරම් ඒ හැම කෙනෙක් ම පුදුම තරම් නිහතමානියි… ඒ ගැන අපිට තියෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්…ඒ කතාකරපු පුංචි වෙලාව අපිට අමතක නොවන , අපේ ජීවත වල වටිනා විනාඩි විදිහට හැමදාම මතක තියේවි…
ඉතින් වටිනා කාලයෙන් චුටි වෙලාවක් අපි දෙන්න වෙනුවෙන් වෙන් කරපු මේ හැම කෙනෙක් ටම අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා…හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..මොකද ඒක අපිට විස්තර කරන්න බැරි තරම් ම වටිනවා…අපි ඔයගොල්ලන්ගෙ අකුරු වලට ඒ තරමටම ආදරේ කරනවා”

ඉස්සර ගමේ ඉඳලා බස් එකේ තනියම කොළඹ ඇවිත් වතුර මල ළඟ නතර වෙලා මමත් හිතුවේ මෙහෙම. අදටත් එහෙමමයි හිතන්නේ. දැන් ඉතිං ඉස්සර වගේ නෙමෙයි දන්න අදුරන හුඟක් අය හැම තැනම මුණගැහිලා ටිකක් කතා කරනවා. සමහරුන්ට බුක්ෆෙයා එක පොත් ගන්න තැනක් ම විතරක් උනාට මටනම් ඒක ඉස්සර ඉදන්ම වෙනස් විදිහේ තැනක්. අලුත් පොත් ගන්න අපිට නගරයේ ලොකු පොත් සාප්පුවකිනුත් පුළුවන්. නැතිනම් ඕන වෙලාවක ඕඩර් කරල ගෙන්න ගන්නත් පුලුවන්.

හැබැයි මේක ඒ වගේ දෙයක් නෙමෙයි. පවුලක ඈත්වෙලා ඉන්න කට්ටියක් වෙඩින් එකකදි මුනගැහුන වගේ. ඒ වෙලාවට මනමාලයයි මනමාලියයි කවුද කියන එක පවා අමතක වෙනවා. හරියට බුක් ෆෙයා එකේදි පොත් අමතක වෙනවා වගේ. පොත් ලිස්ට් එක හදාගෙන බලද්දී පොත්වල මිල වැඩි වෙච්ච එක ගැන දුක් දුක්වෙනවා වගේම රුපියල් සීයට තිබුණු කොත්තු මී එක දෙසිය හතලිහට ගිය එක ගැනත් සෑහෙන දුකක් දැනෙනවා.

වයසින් දැනුමෙන් ජීවිත කොයි කොයි විදිහට වෙනස් වුණත් , ජීවිතය ගොඩාක් සීරියස් වෙන්න හොඳ නෑ කියලා මං හැම වෙලාවෙම හිතනවා . එහෙම උනහම පොත් ගන්න එක ඇරුනම බුක්ෆෙයා එකේ ඔය ඉන්ජෝයි කෑල්ල ගොඩක් අයට මඟ ඇරෙනවා.

ඔය කියපු හෑල්ල කෙටියෙන්ම ඉසුරු චාමර සෝමවීරගෙ මේ කවියෙත් තියෙනවා.

ඉපැරණි මිතුදම මත
පෙද පාසි සහ වන වැල්
ඉඳහිට ඒ මත පිපේ
සුදු පැහැති සුවඳ මල්

මේ පාර බුක් ෆෙයා එකේදි හම්බුනු සමහරු අවුරුදු දෙක තුනකින් දැක්කේ නැති අය. පොත් මිල පවා අමතක වෙන තරමට හැමෝගෙම මූණවල් වල සතුට පිරිලා. රටේ ප්‍රශ්නත් එක්ක ඒ සතුට ඔතනින් එළියට ගිය ගමන් ඉවර වෙලා යනවා. හැබැයි එහෙමයි කියලා කලාතුරකින් එන ඒ ලස්සන වෙලාවල් මග ඇර ගන්න ඕනේ නෑ.

චින්තක සමන්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on ““අපි ඔයගොල්ලන්ගෙ අකුරු වලට ඒ තරමටම ආදරේ කරනවා”

Leave a Reply

Your email address will not be published.

Previous post කියවීමේ සෞන්දර්යය හොයන කෙනෙකුට ලැබෙන බෝනස් එකක් ‘සෝබනකාරයා’
Next post 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක්!