එරංග සහ මහානාම හිමිට ඇප – පැය 24 ට පෙර 84 දෙනාටම ඇප

Read Time:1 Minute, 21 Second

සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) පැවැත්වූ සාමකාමී විරෝධතාවයට පත්කළ ජනාධිපතිවරයාගේ නියෝග මත පොලීසිය යොදවා ප්‍රහාර එල්ල කිරිමෙන් අත්අඩංගුවට ගත් සියලුම මේ වන විට නිදහස් කර තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ මහානාම හිමි යන දෙදෙනාට අධිකරණය විසින් ඇප ලබා දී ඇති අතර අනිකුත් සියලුම දෙනාට පොලිස් ඇප ලබා දී ඇත. අධිකරණයේ මෙම තීරණය මගින්, රනිල් වික්‍රමසිංහ විසින් අධි ආරක්ෂිත කලාප 08ක් ප්‍රකාශයට පත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිකරමින් ගෙන එන ලද මර්ධනීය ක්‍රියාමාර්ගවලට යම් බාධාවක් එල්ල වී තිබේ.

අත්අඩංගුවය ගත් විශාල පිරිසක් අධිකරණයට පවා ඉදිරිපත් නොකර පොලිස් ඇප ලබාදීමට පොලීසියටම සිදුවී තිබීම මගින්, සාමාකාමී විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මනාව තහවුරුවන වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

14 thoughts on “එරංග සහ මහානාම හිමිට ඇප – පැය 24 ට පෙර 84 දෙනාටම ඇප

Leave a Reply

Your email address will not be published.

Previous post “ලක්ෂ ගණන් මහජනතාව කොළඹ නගරය වැටලීම වැඩි ඈතක නෙවෙයි”
Next post “පාරට බැහැලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දෙට යන්න තීරණය කළා”