චීන ජනපති නිවාස අඩස්සියේද?

Read Time:1 Minute, 52 Second

චීන ජනාධිපති ෂී ජිං පිං මහතා නිවාස අඩස්සියට ගෙන ඇති බවට පළවන වාර්තා නිසා මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍ය උණුසුම් වී තිබෙනවා. අදාල පුවත තහවුරු කර නැතත් චීන මහජන විමුක්ති හමුදාව හෙවත් PLA නායකත්වයෙන් ඔහුව ඉවත් කර ඇති බවට වූ කටකතාවක් සීග්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.

සමහර ඉන්දියානු මාධ්‍ය පවා වාර්තා කරන්නේ මේ වන විට චීන අගනුවර වූ බීජිං නගරය හමුදාව විසින් පාලනය කරන බවයි. බීජිං ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර හා Domestic ගුවන් ගමන් නතර වී ඇති බවත් නගරය ලෝකයෙන් හුදකලා වී ඇති බවත් එකී වාර්තාවල සඳහන්.

උස්බෙකිස්තානයේ කසමර්කන්ද් නගරයේ පැවති ෂැන්හයි සහයෝගිතා සමුළුවට සහභාගී වී පැමිණි වහාම ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත් කර ඇති බවත් ලී ක්වොන්මින්ග් විසින් චීනයේ බලය අල්ලා ගෙන ඇති බවත් එකී වාර්තාවල දැක්වෙනවා. ඉහළ පෙළේ කොමියුනිස්ට් නායකයන්ගේ අනුදැනුම ඇතිව ෂී ජිං පිං මහතා බලයෙන් පහ කිරීමේ යම් ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් වැනි සිදුවීමකට ඉඩකඩක් ඇති බව භාරතීය ජනතා පක්ෂ නායකයෙකු වු සුබ්‍රමනියම් ස්වාමිද ඉඟි පළ කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ කිසිදු චීන මාධ්‍යයක් මේ පිළිබඳව මෙතෙක් තහවුරු කර නැහැ. එවැනි බලහුවමාරුවක් සිදු වූ බවට හෝ නොවූ බවට වෙනත් තහවුරු කළ වාර්තා කිසිවක් මෙතෙක් ලැබී නැහැ.

ශානක ලියනගම (fb)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “චීන ජනපති නිවාස අඩස්සියේද?

Leave a Reply

Your email address will not be published.

Previous post විනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 25-09-22
Next post අවසානයක ආරම්භය සනිටුහන් කරමින් 23 වන පොත් ප්‍රදර්ශනය අදින් අවසන්