මහින්ද ඉන්න B 20 නිවස ගෝඨාභය ඉල්ලයි

Read Time:2 Minute, 12 Second

ජනාධිපති ධුරයෙන් පලවාහරින ලද ගෝටාබය රාජපක්ෂ 07වන විධායක ජනාධිපති ලෙස හඳුන්වාගනිමින් මේ වනවිට මහින්ද රාජපක්ෂ නැවතී සිටින, බී 20 නිල නිවාසය අත්පත් කර ගැනීමට ක්‍රියාකරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.

ගෝටාබය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර විසින් පසුගිය 05 වෙනිදා “07වන විධායක ජනාධිපති තුමාගේ නිල නිවස සම්බන්ධව” යනුවෙන් ලිපියක් අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ වෙත යොමු කර තිබේ. එම ලිපියෙන් දන්වා ඇත්තේ 05වන විධායක ජනාධිපති එනම් මහන්ද රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 බෞද්ධාලෝක මාවගේ අංක බී 20 දරන නිල නිවසින් මහින්ද රාජපක්ෂ නික්ම ගිය දිනක එම නිවස ගෝටාබය රාජපක්ෂට ලබාදෙන ලෙසය.

පසුගිය මැයි 09 වෙනි දින මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් පලවා හැරිය පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආරක්ෂිතව රැඳී සිටියේය. ඉන් පසුව නැවත කොළඹ පැමිනීම සඳහා ආරක්ෂිත නිල නිවාසයක් ලෙස බී 20 දරන මෙම නිවස තෝරාගෙන තිබිණි. එවකට ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙම නිවසේ පදිංචිව සිටි අතර ඔහුව ඉවත් කිරීමෙන් පසුව නවීකරණය කර මෙම නිවස මහින්ද රාජපක්ෂට ලබා ගත්තේය.
ඊටත් පෙර මෙම නිවසේ වැඩිම කාලයක් පදිංචිව සිටියේ මංගල සමරවීර ඇමතිවරයාව සිටියදීය.

මේ වනවිට ගෝටාබය රාජපක්ෂට උපරිම ආරක්ෂාව සලසමින් නිල නිවසක් බෞද්ධාලෝක මාවතේම ලබාදී තිබියදී මහින්ද රාජපක්ෂ රැඳී සිටින බී 20 දරන නිල නිවාසයද ඉල්ලුම් කර තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශෘංගාරය ඕවිට සහ මම
Next post ඉතාලියේ බලය අල්ලන මාර බඩු තුන