ශෘංගාරය ඕවිට සහ මම

Read Time:1 Minute, 27 Second

ඕවිටක් අකමැති ද බතල වැල් එතෙනවට
කලවිටක් අකමැති ද බතල මල් පිපෙනවට
හඳ එළිය ගලනකොට හිරි ඔතප් බිඳෙනවට
හිරිපොදක් වැටෙනකොට කොමඩු කිතිකැවෙනවට

නිදිකුම්බ ඇනුණා ම ඌයි කියනවත් ඇති
ඉර එළිය දැක්කා ම හායි කියනවත් ඇති
උදළු තල හැපුණා ම කුණුහබ්බ කියනවැති
උඳුපියලියත් එක්ක හීතලේ නිදනවැති

කහ පාට මල් පිපෙන බවබෝග අපමණ ය
දම් පාට මල් ගවුම් අඳින වැල් සුකොමල ය
තරබාරු අළු පුහුල් හැඩ නිතඹ වටකුරු ය
වැලේ වැල් නැති දාට වැටකොළු ද අසරණ ය

උස මහත ගස් මුඳුන් වැට දිගේ එබෙනවැති
රතු පාට තම්පලා අඟ පසඟ වනනවැති
බටු හිඹටු ගෙඩි වුණත් කටකතා කියනවැති
පස යටත් නොකියනා අපමණක් රහස් ඇති

අලුයමේ මීදුමෙන් සියොළඟ ම වෙලුණා ම
පරණ කයි කතන්දර මතක් වෙනවැති තාම
තරු එළිය යට වැටෙන සීත පිනිදිය නෑම
පණ ගහන ඕවිටක් උහුලගන්න ද කෝම

ගැලුවා ම වැහි වතුර බඩ පපුව තෙමෙනවැති
දැනුණා ම හඳ එළිය ඇඟ ලෝම නටනවැති
පිපුනා ම හී ගඩුත් අමුතු දේ හිතෙනවැති
බැලුවා ම මේ මමත් ඕවිටක් වෙන්න ඇති

කුමාර හෙට්ටිආරච්චි

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “ශෘංගාරය ඕවිට සහ මම

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රි ලංකාවේ ජන ජීවිතය පසුබිම් කරගෙන තැනුණු “Songs of Ceylon”
Next post මහින්ද ඉන්න B 20 නිවස ගෝඨාභය ඉල්ලයි