ඉරානය පුරා විරෝධතා රැල්ලක් මේ වන විට 17 ක් පමණ මියගිහින්

මහ්ශා අමිනී(mahsa amini) නම් 22 හැවිරිදි තරුණිය හිජාබය නියමිත ආකාරයට ඇඳ නොසිටියේය යන චෝදනාව මත ඉරාන සංස්කෘතික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇය හිසේ තුවාල සහිතව මිය ගියාය. එතැන් සිට ටෙහෙරානයෙන් පටන් ගෙන විරෝධතා රැල්ලක් රට පුරා පැතිරෙමින් ඇත.

බොහෝදුරට ගැහැනු නායකත්වය දරන මේ විරෝධතා ව්‍යාපාරය තුළ හිජාබය ප්‍රසිද්ධියේ ගැලවීම හා පිළිස්සීම පමණක් නොව , හිසකේ අභියෝගාත්මක ලෙස ප්‍රසිද්ධියේ කපා දැමීම ද දක්නට ලැබේ.

ඉරාන ජනාධිපතිවරයා හා මර්දන යන්ත්‍රය මේ විරෝධතා රැල්ලට එරෙහිව සමාජ ජාල අවහිර කිරීමේ සිට ගිනිඅවි මගින් සිවිල් ජනයාට විවෘතව පහර දී ඝාතනය කිරීම දක්වාවූ බිහිසුණු අමානුෂික ක්‍රම යොදාගනී. පැය 14 කට පමණ කලින් වාර්තා වූයේ වෙඩි තැබීම් නිසා මේ වන විට 17 දෙනෙකු මිය ගොස් ඇතිබවයි.

නමුත් විරෝධතා අඩුවීමක් නැති බවත් ආණ්ඩු විරෝධයක් දක්වා එය වර්ධනය වන බවත් තව දුරටත් වාර්තාවේ.. එමෙන්ම , විවිධ රටවල ඉරාන තානාපති කාර්‍යාල ඉදිරිපිට ද විරෝධතා හා උද්ඝෝෂණ ආරම්භ වෙමින් පවතී.
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලී ජනයා ඉරාන ජනතාවට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරති.

සබැඳි

Leave a Reply

Your email address will not be published.