ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය 2022

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය 2022

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහක දායක ශක්තිය ඇතිව සංවිධානය කරනු ලබන 2022 මෝන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තොම්බර් මස 02 වන දින දක්වා ත‍්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෝසම් සමයේදී පැවැත්වෙන ගෝල්ෆ් ක‍්‍රීඩා ඉසව්වල හිඩැස පිරවීම සහ රට තුල පැවති වසංගත සහ ජාතික අභියෝග හේතුවෙන් පසුගිය වසර කිහිපය තුල පසුබෑමකට ලක්වු ගෝල්ෆ් ක‍්‍රීඩාව නංවාලීම මෙම තරගාවලිය සංවිධාය කිරීමේ ප‍්‍රධාන ඉලක්කය වන අතර මෙම තරඟාවලිය සඳහා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 80 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

ඊගල්ස් මෝන්සූන් කුසලානයට අමතරව තරඟකරුවන් පිළිවෙලින් ත‍්‍රිවිධ හමුදාවේ දක්‍ෂතම ක‍්‍රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සඳහාද තරඟ වැදිමට නියමිත අතර මෙම තරඟාවළියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය 2022 ඔක්තෝම්බර් මස 01 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

ඊගල්ස් මෝන්සූන් කුසලාන තරඟාවළිය සඳහා “HUAWEI Technologies” පුද්ගලික සමාගම විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ සහකාර නියෝජ්‍ය සභාපති සුපුන් මනම්පේරි මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ”ත‍්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන 2022 මෝන්සූන් කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා අනුග‍්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම “HUAWEI Technologies” පුද්ගලික සමාගම අගයකොට සලකන බවයි.

තවද, ඔහු පවසා සිටියේ “HUAWEI Technologies” පුද්ගලික සමාගම ගෝල්ෆ් සමාජ සහ තරඟාවලි සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීම, ගෝල්ෆ් ක‍්‍රිඩාවේ සංවර්ධනයට සහ ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩකයින් සඳහා අනුග‍්‍රාහකත්වය සැපයීම තුළින් ගෝල්ෆ් ක‍්‍රීඩාවේ සංවර්ධනයට නිරන්තර සහයෝගය ලබාදී තිබෙන බවත් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට මනරම් අද්විතීය ගොල්ෆ් ක‍්‍රීඩාංගනයකදී තම කුසලතා වර්ධනය කරගැනීමට සුවිශේෂි අවස්ථාවක් සහ ශ‍්‍රී ලංකාවේ ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් හට සහෝදරත්වයෙන් යුතුව එක්ව තරඟ කිරීමට මෙම ඊගල්ස් මෝන්සූන් කුසලාන ගොල්ෆ් තරඟාවලිය අවස්ථාවක් සලසා දි ඇති බවත්, එසේම මෙම තරඟාවළියට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ඔවුන් සතුටට පත්වන අතර ගෝල්ෆ් ක‍්‍රිඩාවේ අභියෝගාත්මක සති අන්තයක් බලාපොරොත්තු වීමට හැකිවෙතෙයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙම තරගය සදහා සිනමන් හෝටල් සමූහය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වෙමින් තරඟාවළියේ සත්කාරක දායකත්වය ලබාදෙමින් තරඟාවළියට සහභාගී වන්නන් හට නිලාවේලි ටි‍්‍රන්කෝ බ්ලූ හෝටලයේ ආකර්ශනීය පැකේජ ලබා දිමට ද කටයුතු කරනු ලබයි.


Leave a Reply

Your email address will not be published.