ජාතික සභාවට 27 ක් නම් කරයි, SLFP, NPP, TNA, ඩලස් පාර්ශවය නෑ

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (23) ප්‍රකාශයට පත් කළේය.

එහි සාමාජිකයින් 32 නෙකු වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පොහොට්ටුවේ ඩලස් පාර්ශවය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසි ම මන්ත්‍රීවරයෙකු නම් කර නො තිබීම විශේෂයකි.

ජාතික සභාවේ සභාපති ධුරය කථානායකවරයා විසින් දරනු ලබයි. එහි සාමාජිකයන් අතරට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද ඇතුළත්වේ.

පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත් වන මන්ත්‍රීවරුන් පහළින්

ඩග්ලස් දේවානන්දා
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිසාඩ් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්‍රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්

මේ අතර අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවට සහභාගි වීම සඳහා පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.

අද පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා මහරැජින සම්බන්ධයෙන් වන ශෝක යෝජනාව විවාදයට ගනු ලැබුවේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.