චූලානන්ද සමරනායකගේ “කඩ ඉරි සහ දිග ඉරි”

චූලානන්ද සමරනායකගේ “කඩ ඉරි සහ දිග ඉරි”

චූලානන්ද සමරනායක බරපතල දේශපාලනික කියවීමක් සහ ලිවීමක් සහිත ලේකඛයෙක්, පරිවර්තකයෙක් වගේ ම කවියෙක්. ඔහුගේ “කඩ ඉරි සහ දිග ඉරි” නම් අභිනව කාව්‍ය සංග්‍රහය අප ආසක්ත කළ අපූර්ව කෙටි කවි රැසකින් සමන්විතයි. ඉටෙක තියුණු දේශපාලන මුහුණුවරක් ගන්නා ඔහුගේ කෙටි කවිය තවත් විටක ප්‍රේමයේ හා මානව බැඳුම්හි සෞන්දර්‍යමය කලාපයන් වෙත අප ලාලසාත්මකව අලවන අයුරු මනරම්.

“ගුප්ත මදහසකින්
එබීගෙන කැඩපතට
පිරිමදියි ඇය
ගෙලෙහි ලා රත් පැහැ කැළල”
“බා ගත් හිසින්
පිය නගන්නී

සයනයට”
“සිනමා හල අඳුරු වෙයි
බැල්කනියෙ අසුන් මත
සහස් ගිනි පුළිඟු දැල්වෙයි”
“ගොජ ගොජ ගා
නටයි
කේතලය
ගැස්සෙයි
මුනින්තලාවී නිදන
ඇගේ දෙවුර”
“නෙගටිව්!
වාර්තා අතැති
ඇයගේ සිනහව
බෝ වෙයි ඔහුටද”

ව්‍යාජ සටකපට ආගමික භාවිතය විචාරයට ලක් කිරිම

4.පිඩු සිඟා වඩින
පත්තරයට
උවසු දෙවැසියෝ බෙදති
සල්ලි කොල

  1. මාවතද්දර
    වැඩ හිඳින බෝ රජ
    නොදෙයි අවසර
    මඟ පලල් කරනු රිසි දන හට

10. රන් පෑයෙන් දිලෙන බෝ මළුව
දකින දනෝ නොදකිති
ඒ පුර සඳ පහතින් ම දිස්වන
වෙඩි වැදී නටබුන් වු ගේ දොර

20 .හැම හිමිදිරියකට
සෑතපේය ලොකු සෑදු
අවදිකර සී. ඩී. පිරිත

35. යදින අත්
මගහැර
කාසි වැටෙන්නේම
පිං කැටයට

38 .පහන් වැට
රන් වැට
අලුතින්ම
පිළිම වැට
හරි ආපසු
නිවෙස බලා එමි

58. සුදු පැහැති තාන් රෙදි හැඳ
භාවනා පංතියට යන අතරමඟ
ආරිය සිංහල කඩයක් තිබේ දැයි
නෙතින් විමසන
උවැසිය

සුජීව සිරිමෙවන්


Leave a Reply

Your email address will not be published.