“ගොවිපොළවල් 6ක් විකුණනවා” – සභාපති, කිරිගොවීන්ගේ විරෝධය

මිල්කෝ සමාගම පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සැරසෙන බවට පවසමින් මැදවච්චිය ප්‍රදේශයේ කිරිගොවීන් පිරිසක් අද (22) උදෑසන විරෝධතාවක නිරත වී තිබේ.

ගොන් කරත්තයක නැඟී එම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර, කිරිගොවි සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති අශෝක කරුණාසේන එහි දී අදහස් දැක්වීමක්ද සිදුකළේය.

මේ අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් රුපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් කියා සිටියේ, පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවල් 6ක් පෞද්ගලික අංශයට පැවරීමට සැලසුම් කර ඇති බවයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.