පුටින්ගේ තීරණයට එරෙහි රුසියාව පුරා විරෝධතා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ (21) ලක්ෂ 3ක අතිරේක හමුදා බලඇණියක් කැඳවීමට ගනු ලැබූ තීරණයට එරෙහි ව රුසියාව පුරා මේ වනවිට විරෝධතා ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් නගරවල මෙම විරෝධතා දරුණු මට්ටමින් පැවැත්වෙන බවත් මේ සඳහා එක් වූ දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊයේ දිනයේ ජනපති ව්ලැදිමීර් පුටින් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රුසියාවෙන් පිට වන ගුවන් යානා සංඛ්‍යාව වැඩි වී ඇති බව ද එම මාධ්‍ය පවසයි.

රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයට එරෙහි ව යුදමය තත්ත්වයට මුහුණ දීම සඳහා තම හමුදා බලඇණියේ සෙබලුන් වැඩි කිරීමේ අරමුණින් ලක්ෂ 3ක අතිරේක බලඇණියක් කැඳවීමට ඊයේ (21) තීරණය කළේය.

යුදමය වාතාවරණය හේතුවෙන් මේ වනවිට රුසියාවේ සෙබලුන් 6000ක් පමණ මිය ගොස් ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.