පාසැල් ළමුන් ක්ලාන්ත වී ඇදවැටෙයි, “දරුවකු ක්ලාන්ත වූ සිද්ධියක් වාර්තා වී නෑ”- කෙහෙළිය

අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් ඊයේ වාර්තා විය.

මැදවච්චිය පළාතේ, තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටි ධර්මපාල විද්‍යාලය, කිඹුල්වැව ආනන්ද විද්‍යාලය හා මහවිලච්චිය සිද්ධාර්ථ යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙලෙස සිහිසුන්ව ඇද වැටී තිබේ. මේ පිළිබඳ සොයා බැලීමේදී ඇතැම් දරුවන් රාත්‍රියට හා උදෑසනට යන වේල් දෙකට ම ආහාර ගෙන නැති බව වාර්තා විය.

මෙම පාසැල් වළ උදෑසන රැස්වීම නියමිත කාලයට කලින් නැවැත්වීමට ද සිදු වූ බව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පවසා තිබේ.

මීට අමතරව විලච්චිය, ගමපහ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පාසල්වලින් ද මෙම සිදුවීම් වාර්තා විය.

මේ පිළිබඳ අද (22) පාර්ලිමේන්තු සැසිවාරයේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, මිනුවන්ගොඩ පාසලක සිදු වූ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බව යි.

කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ තමන් එම විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ බවත් කිසිදු අවස්ථාවක එවැනි දරුවකු ක්ලාන්ත වූ සිද්ධියක් වාර්තා වී නැති බවත්ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.