එහෙම කන්දක් නාය යන්නේ, දරා ගන්නට බැරිම වුන තැන..

මේ පොත අතට ලැබුණු 18 වෙනිදා වෙනකොටත් ඔයාගෙ මළ සිරුර මහවැලියෙ කියලා හිතෙනකොට මගෙ අත වෙව්ලනවා අංජන.

16 වෙනිදා ඔයා මහවැලියට පනින වෙලාවටම වගේ තමයි රාජිත දිසානායකගෙ නාට්‍යයෙ අහිංසක තරුණිය මිය ගියේ අංජන.
එදා නාට්‍යය බලමු කියලා අර කරුණාවන්ත යෙහෙළියො කියද්දි ඔයා ආව නම් අපි වළේදි හමු වෙනවා අංජන.

එහෙම වුණා නම් ඊයෙ මට ඔයාගෙ මළ සිරුර ගොඩගන්න තැන ඉන්න නොවෙන්න තිබුණා අංජන.

ඔයත් වළට ආව නම් 18 වෙනිදා ‘ප්‍රේමයේ නගරය’ ගැන සංවාදෙදි මම කියපු ‘අපි එකිනෙකාගේ ප්‍රීතියට සහ ශෝකයට සහභාගි වීම කල් නොදැමිය යුතුයි’ කියන කියමන යළි යළිත් මටම නොඇසෙන්න තිබුණ අංජන.

ලියනගේ අමරකීර්ති

එහෙම කන්දක් නාය යන්නේ, දරා ගන්නට බැරිම වුන තැන..

බොහෝ උස් වූ කඳු මුදුන් වල
ඔබ නොදන්නා කතාවක් ඇත
කන්ද වාගේ ඔහොම හිටියට
ඇතුලේ ඇත්තේ පාලු හිස්කම

අව් වැසි ද තද සුළං අභිමුව
නොසෙල් වී උන් කන්ද දැක්කම
හිතක් පපුවක් නැතිලු කන්දට
ගසක් ඇඹරී කීවා සුළඟට

තරුවකට පෙම් කරන තරමට
ඉතිරි කරගත් කඳුලු උල්පත
රහසෙ නිම්නෙට මුදාහළ බව
ගලන ගඟවත් දන්නෙ නෑ තව

එහෙම කන්දක් නාය යන්නේ
දරා ගන්නට බැරිම වුන තැන..

එරන්ද නිශාන් උයන්වත්ත

(මේ කවිය සහන් කසීරගේ facebook පිටුවෙන් )

මහවැලිය …
ආදරේ වැඩිකමටද නුඹව හංග ගත්තෙ මේ විදිහට …..?
ඇයි මේව මේ විදිහට වෙන්නෙ..?
කෝ කවුද දෙන්නෙ මේවට උත්තර …
අංජන…..
ගොඩක් දිගු ගමනක් යන්න තිබුණු නූඹ ඇයි අතර මග ගමන නතර කලේ…..
දැකලවත් නැති උනත්…
හමුවෙලත් නැති උනත්…
ඒ හිනාව තුල….
දන්නා හඳුනන බවක් දැනෙනව..

(Camilo Smith ගේ කවියකින් කොටසක් )

සබැඳි

Leave a Reply

Your email address will not be published.