“ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධන කර විකුනනවා” _ඇමති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර සම්බන්ධයෙන් බලශක්ති ඇමතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සහ කොටස් සංශෝධනය කර කඩිනමින් ඉදිරිපත් කරන බව ෆේස්බුක් සටහනක් තබමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.

ඊට අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 600ක් ලබන නොවැම්බර් මාසය වනවිට පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 1,250න් කොටසක් පෞද්ගලික ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙලේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (21) පවත්වා තිබූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.

සමාගම් 24ක් ඊට අදාලව පළ කරන ලද දැන්වීමට අනුව යෝජනා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ..

ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අලෙවි කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 600ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව අදාළ සාකච්ඡාවේදී සඳහන් වී ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.