දරුවන් මරා දමමින් සිටී : අපි මිනිස්සු ද ?

Read Time:3 Minute, 19 Second

විස සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදාහැර ඇති බවත්, ඒවා නැවත එකතු කරගනිමින් සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මාධ්‍යයට පවසා තිබේ.

ඊට හේතුව මෙම ත්‍රිපෝෂවල ඇෆලටොක්සින් නම් රසායනිකය අධික ලෙස අඩංගු වීම යැයි ද සඳහන් කර ඇති ඔහු,
මේ රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි වීම, අක්මාව ආශ්‍රිත පිළිකා ඇති වීම සහ දරුවන්ගේ ශරීර වර්ධනය බාල වීම සිදු විය හැකි බව ද වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ, විස ත්‍රිපෝෂ ගෙන්වීම, බෙදාහැරීම ඊයේත් සිදු විය. අදත් සිදු වන අතර, හෙටත් සිදුවීමට නියමිත ය.

අවස්ථා දෙකකදී මෙසේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර සහ අනුමත නැති අමුද්‍රව්‍ය ගෙන්වීම පිළිබඳව අපි අනාවරණය කළෙමු.

මුලදී එම පුවත්, අසත්‍ය සහ ද්වේෂ සහගත බව සඳහන් කරමින් එන්තරවාසි සහ “වෙනත් ඒවා රැසක්” ආවේය. එහෙත් දිගින්-දිගටම ඒ පිළිබඳ ලිවීමෙන් පසු, අදාළ තොග එළියට යෑම වළක්වාගත හැකි විය.

එහෙත් තව කොපමණක් එළියට යන්නට ඇත්ද ?
කොපමණක් දරුවන්ගේ කුසට යන්නට ඇත්ද?
ඒ දරුවන්ගෙන් කොපමණක්,
රෝගාබාධවලට ගොදුරු වන්නට ඇත්ද?
ඉන්පසු මියෙන්නට පවා ඇත්ද?

එක සමාගමක්, නැත්නම් තවත් සමාගමක්, එක අල්ලස් ගන්නා නිලධාරියෙක්, නැත්නම් තවත් එවැන්නෙක්, එක දේශපාලනඥයෙකුට ඡන්දවලට වියදම් කරන ව්‍යාපාරිකයෙක් සහ ඔහුව රකින ඇමතිවරයෙක්, නැත්නම් තවත්,, මේ ආදී වශයෙන් තවත් කොපමණක්ද ?

මළ මිනී මතින්, දරුවන් ටිකෙන් ටික මරා දමමින් සිටියදීත්,
තවදුරටත් ඒවා සාමාන්‍ය පුවත් වූ බහුතර ජනමාධ්‍ය කර්මාන්තයක් සහ බහුතර මව්පියන් පිරිසක් !

අපි මිනිස්සු ද ?

ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

මේ අතර කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂවල පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදු කර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එසේම එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු එහි දී කියා සිටියේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “දරුවන් මරා දමමින් සිටී : අපි මිනිස්සු ද ?

Leave a Reply

Your email address will not be published.

Previous post ලේඛකයන් තිදෙනෙකු අතින් නිමැවූ ‘නවකතාවේ ආඛ්‍යානික රටා’ අද නිකුත් විය
Next post “මාසිකව රජයේ වැටුප් ගෙවන්නවත් ආණ්ඩුවට සල්ලි නෑ!”