කුසල් මෙන්ඩිස් හා දිල්ෂාන්ට දකුණු අප්‍රිකාවෙන් ඉහළ ඉල්ලුමක්

දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව හා දිල්ෂාන් මධුසංඛ දෙදෙනාකණ්ඩායම් 02 ක් විසින් මිලදී ගෙන තිබේ.

මේ අනුව කුසල් මෙන්ඩිස්ව, ප්‍රිට්‍රෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබෙන අතර වේග පන්දු යවය ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛව, ඩර්බන් සුපර් ජයන්ට්ස් විසින් රුපියල් ලක්ෂ 54 කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබේ. මේ අතරම ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව සිය කණ්ඩායමේ රඳවා ගැනීමටයි ජොහැනස්බර්ග් කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත.

දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් ක්‍රීඩක වෙන්දේසියට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් ඉදිරිපත් කර තිබිණි.

මෙම කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20 යි 20 ලීග් තරගාවලියට සහභාගී වීම හේතුවෙන් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක එම ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර නැත.

දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී ආරමභ වීමට නියමිතය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.