බදුල්ලේ NPP මහ ගෙදරට – “බදුලු හඬ” විවෘත වෙයි

ජාතික ජන බලවේගය මේ වෙනවිට බදුල්ල දිස්ත්‍රික්කය සිසාරා තම සංවිධාන ජාලය පුළුල් කරමින් සිටී. බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මෙතෙක් තිබූ අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ඊයේ දින (19) දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයක් විවෘත කරනු ලැබිණි. මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය හා පූජ්‍ය පක්ෂය ද ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ද, ඇතුළු ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් නායකයන් හා ප්‍රදේශයෙහි විද්වත්, ව්‍යාපාරික හිතවතුන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

මෙම අවස්ථාවේ සමාජ ආර්ථික දේශපාලන පුවත් වේගයෙන් සන්නිවේදනය කිරීම උදෙසා “බදුලු හඬ” නමින් වෙබ් අඩවියක් විවෘත වීම ද විශේෂත්වයක් විය. බදුල්ල මහියංගන පාරේ කයිලගොඩ හන්දියේ මෙම දිස්ත්‍රික් කාර්යාලය පිහිටා ඇත.

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.