ශ්‍රී ලංකා ප්‍රවීණයන් අපරාජිතව තුන්වන ජයත් ලබයි

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේ අද (18 වැනිදා) ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 11 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

මේ අනුව මෙවර තරගාවලියේදී තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට පිට පිටමට අද ලැබූ තෙවැනි ජය ජයත් සමග ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට හැකි විය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිල – ඕවර 20 කදී කඩුලු 6 කට 165 ලබා ගත් අතර ඒ සඳහා ඩිල්ෂාන් මුණවීර 26, උපුල් තරංග 36, චාමර සිල්වා 18, ජීවන් මෙන්ඩිස් නොදැවී 43, අසේල ගුණරත්න 25,කින් දායක විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ පිල – ඕවර 20 කදී කඩුලු 6 කට 154 කි.
ඒ සඳහා මෝනි වැන් වැක් 76, ඇල්වෙරෝ පීටර්සන් 22, දායක විය. නුවන් කුලසේකර 33/2 යි.

ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද, උපුල් තරංග පන්දු 27 කදී හතරේ පහර 7 ක් සමග ලකනුණු 36 ක්ද, අසේල ගුණරත්න පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කෂණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.